(යොහාන් භාසුර)
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
තරුෂි වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තීරණයක්
නියමයි ..ලක් මව වෙනුවෙන් තව හයියෙන් දුවන්න දුවේ
එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉතා හොඳ ක්‍රියාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම විධායක නිලධාරීන් සමඟ විදේශ සංචාර සඳහා සිනමා තරු සහ නිරූපිකාවන් රැගෙන යාමට පමණක් නොව සැබෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග පිරිනැමීමට ද සිය මුදල් වියදම් කිරීමට සූදානම් බව ද එයින් පෙන්නුම් කෙරේ.
ලකුනු 50ක් අමාරුවෙන් ගහපු ටීම් එක නඩත්තුව නවත්තලා මේ වගේ වැඩකට සල්ලි දාපු එක හොඳයි
ක්‍රිකට් ආයතනයේ ලොක්කෝ පහුගිය දවස්වල නාගත්ත මඩ හෝද ගන්න ක්‍රම හොයනවා, ඒ පොට්ට චාන්ස් එක තමයි තරුෂිට වැදුනේ. කොහොම උනත් කමක් නැහැ ඇගේ දක්ෂතාවයට අගය කිරීමක් ලැබුණු එක හොදයි.
මේක ක්‍රිකට් ආයතනය වංචා වසාගැනීමට හා ජනතා අප්‍රසාදය අඩුකර ගැනීමට කරන වැඩක්. ක්‍රිකට් ආයතනය ක්‍රිකට් බලා ගත යුතුයි. මලල ක්‍රීඩා ආයතනය මලල ක්‍රීඩා ව බලා ගැනීම තරම් ශක්තිමත් විය යුතුයි..
ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාවේ බූකීකාරයන්ට විකුණලා, ඉතිරි වෙච්චි සල්ලි මයේ හිතේ...
හොඳ තීරණයක්. දැන් යන ආකාරයට අපේ ක්‍රිකට් කණ්ඩායමට තෑගි දෙන්න වෙන එකක් නෑනේ...
ක්‍රිකට් ගහන්නම ඕනේ නැහැ. ජයග්‍රහණය අගය කිරීම ගැන ප්‍රශංසා කරනවා.
විය යුතු දෙයක් ගැන ඉක්මන් තීරණයක් ගැනීම ගැන සතුටුයි. ස්තුතියි.
ඉතින් හදමු අපි අලුත් රටක්
හොඳ දෙයක් කළත්, නරක දෙයක් කළත් අපේ මිනිස්සුන්ට විවේචනය. අනේ මෙහෙමත් රටක්....!