අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු සිවුරු දරාගත් අයෙක් මාට්ටු අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 19 September 2023
තිලීපන් සමරුව: කොළඹ-අවට පොලිසි 12 ක් සීරුවෙන් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ව සිට මියගිය රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ නගරයේ හෝ ඒ අවට අනුස්මරණ උත්සව පවත්වා ඉන් සාමය කඩවීමේ සහ මහජන පීඩාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ පොලිස් ස්ථාන 12කට අද (19) නියෝගයක් නිකුත් කළේය. 19 September 2023
හිරකරුවාගේ බඩේ සුරුට්ටු අසූවක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවකුගේ කුස තුළ තිබී දුම්කොළ සුරුට්ටු 80ක් අද (19) සොයාගත් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 19 September 2023
හෙරොයින් - අයිස් බිවුව කොස්තාපල්ට වැඩ වරදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ ඊයේ (18) සිට තහනමට ලක් කළ බව පොලිසිය කියයි. 19 September 2023
බිරිය ගියැයි දරුවන්ට වසදී පියත් වස බීල පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු සිට 11, 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කෑම වලට වස දමා ඔහුද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 19 September 2023
පාසල් ගිය දියණිත් රැගෙන ගිය පියාත් පාර මැද වළකට වැටිලා ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර වළකට යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත. 19 September 2023
සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සැකකරුවෝ අල්ලති පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 19 September 2023
වගා නොකරන ඉඩම් වලට බද්දක් මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
තිලීපන්ගේ ගුණ මුලතිව්හීි දී සමරයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ 36 වන ගුණ සැමරුම මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. 19 September 2023
මන්ත්‍රී උද්දිකට වෙඩි තැබූවන් වහාම අල්ලන්න අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල්වි මර්ශනයක් සිදු කර ඊට අදාළ සියලු සැකකරුවන් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අද නියෝග කළේය. 19 September 2023
ලංකාව චිකාගෝවක් වෙලා ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 19 September 2023
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක් ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419 ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 September 2023
කොටිවලිගයේ එල්ලුණු රජවැඩකාරයා සිනමාවෙන් බැස යයි ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි. 19 September 2023
බංකොලොත් රටේ මූල්‍ය මධ්‍යස්ථාන විහිලු කතාවක් බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් (finance center) අරඹනවා යැයි කීම විහිලු කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
ප්‍රශ්න නැති තැනක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 September 2023
වරාය නගරය ලබන 26 ලෝකයට හඳුන්වා දෙයි කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 September 2023
ලංකාව ගැන ඇමරිකාවේ දී වට මේස සාකච්ඡාවක් “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර දී සහභාගී විය. 19 September 2023
ලබන යල කන්නයේත් නියඟයක් ලබන යල කන්නයේදීත් බරපතල නියඟය සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවනූ ඇතැයි කාලගුණික අංශ අවධාරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 September 2023
ගැටුමකට මැදි වූ පොලිසියේ දෙදෙනා අත්අඩංගුවට තලාතුඔය ගුරුදෙනිය මාර්ගයේදී වෙළෙඳසලක් තුළ බීර පානය කරමින් සිටී දෙදෙනකුට අතින් පයින් හා සවලකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, තලාතුඔය පොලිසියෙන් රාජකාරි කරන සැරයන්වරයෙකු,කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි. 19 September 2023
’’එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ’’ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම නඩු දාන්නැයි ජනාධිපති කොමිෂන් සභාවෙන් නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට දැනමුතුකම් දීමට පැමිණෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රශ්න කළේය. 19 September 2023
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 September 2023
ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි:කොරියා රැකියා කෝටාව වැඩි කරයි ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය. 19 September 2023
වෙඩි තැබු කෙනා උද්දික හෙළි කරයි තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19) පැවසීය. 19 September 2023
ලංකාවට ලෝක බැංකුවෙන් සහතිකයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා නිව්යෝර්ක් නුවර දී පැවසීය. 19 September 2023
දරුවාට පහර දුන්නැයි සුළු පියා අත්අඩංගුවට වයස අවුරුදු 09 ක පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නා යැයි සැකපිට දරුවාගේ සුළු පියා යැයි සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි 19 September 2023
කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් මෙරටට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19 )උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 19 September 2023
පළාත් දෙකකට දිසා දෙකක තරමක තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 September 2023
කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කැනඩාවේ ශීක් ක්‍රියාකාරී හර්දීප් සිංග් නිජාර් පසුගිය 2022 වසරේ ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි. 19 September 2023
පේරු රටින් පිටසක්වළයන් ගෙනාවට චෝදනා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත. 19 September 2023
මහ වැසි සමඟ කිඹුලෝ පැනලා ගිහින් ‘හයිකුයි’ සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන්, දකුණුදිග චීනයේ ගුවන්ග්ඩොන් පළාතේ කිඹුල් ගොවිපොලක කිඹුලන් 75 දෙනකු එම ගොවිපොලෙන් පැන ගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 19 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026