ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට අද(18) පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. 18 September 2023
ලංකාවේ ගොවීගෙන් 80%ක් 50 පැනපු අය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනට මාස දෙකක් ඇතුලත රුපියල් මිලියන 2200ක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර මහතා පැවසීය. 18 September 2023
ජනපති සහ ලෝක බැංකු සභාපති හමුවක් ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවිය. 18 September 2023
රත්ගම කලපුවෙන් තරුණයකුගේ මළ සිරුරක් රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ පාවෙමින් තිබු අත් පා ගැට ගසන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද රාත්‍රි ගොඩට ගත් බව රත්ගම පොලිසිය පවසයි. 18 September 2023
බිත්තර රෝල්ස් එකේ සුදු බෝලයක්? දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 18 September 2023
අතරමග නතර වුන මහාමාර්ග කඩිනමින් හදයි ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය. 18 September 2023
රත්මලාන ඥානේන්ද්‍ර පාරේ වෙඩි තැබීමේ සුලමුල එළියට රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ගේ සමීපතමයකු නිවසින් පිටතට රැගෙන විත් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට යොදා ගත් ගිනි අවිය සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය සැඟවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 18 September 2023
ඇමෙරිකා ශ්‍රී ලංකා ආයෝජන ගිවිසුමේ කවුන්සිල රැස්වීම ඇරැඹෙයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි. 18 September 2023
කුඩු කතගේ දේපොළ ප්‍රා.ලේ යටතට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය. 18 September 2023
සුදර්මා නිවෙසේ මෙහෙකාරියගේ මරණයේ සැකකරුවන් හදුනා ගැනෙති ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සාක්කිකරුවෝ සැකකරුවන් තිදෙනා අද හඳුනාගනු ලැබූහ. 18 September 2023
මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 18 September 2023
හරක් කටා පනින්න හැදූ හැටි රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන ගොස් නිත්‍යානුකූල නොවන මාර්ගයෙන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලායෑමට සැඟව සිටින කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සැලසුම් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 September 2023
අඩුආදායම් ලාභීන්ගේ විදුලි බිල අඩු කරන්න සාකච්ඡා ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 18 September 2023
කුරුණෑගල හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ බාධාවක් නෑ කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයට අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාන මහතා ඇතුළු පස් දෙනකු අත් අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 18 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් පර්සිට ලක්ෂ 50ක් පිරිනමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 50 ක මුදලක් අද (18) පරිත්‍යාග කළේය. 18 September 2023
නවකවදය දුන්නොත් කියන්න අංකයක් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතවල ක්‍රියාත්මක නවක වදය පිළිබඳ පැමිණිලි බාරගෙන විමර්ශනයට පොලිස් මූලස්ථානයේ නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිය 18 September 2023
සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් කැඳවයි දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් ඇතුලත තමාට ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 18 September 2023
මන්ත්‍රී සෙල්වරාසාට පහරදුන් සිද්ධියට 6ක් සැක පිට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 18 September 2023
කහ උණ එන්නත් 2000ක් මේ සතියේ දිවයිනට කහ උණ සඳහා පාවිච්චි කෙරෙන එන්නත් 2000 ක් මේ සතියේ මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 18 September 2023
චැනල් ෆෝ ගැන ආණ්ඩුවේ මත දෙකක් රාජපක්ෂලාට විරුද්ධව චැනල් ෆෝ නාලිකාව නැගූ චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කිරීමත් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමත් එකිනෙකට නොගැලපෙන හතරබීරි කතාවක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 18 September 2023
වෙලක මළ සිරුරක් වාරියපොල මිනුවන්ගැටේ කොනොත්ත ප්‍රදේශයේ වෙල් යායක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (18) හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 18 September 2023
පාස්කු විවාදය 21, 22 පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අනිද්දා (21 ) බ්‍රහස්පතින්දා සහ ලබන 22 සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 18 September 2023
තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක් තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 18 September 2023
මහේස්ත්‍රාත් නිල නිවසෙ සිටි පී.සී ට පිහියෙන් ඇනලා බම්බලපිටිය ෆොන්සේකා පාර පිහිටි අලුත්කඩේ අංක 06 මහේස්ත්රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාවට යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා ට පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි. 18 September 2023
ආයතන තවත් හයක ලොක්කෝ කෝප් කමිටුවට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් ) හමුවට කැඳවීමට නියමිතය. 18 September 2023
ලබන වසරේ ඔක්තෝබර්වලින් පසු ජනාධිපතිට පුටුවෙ ඉන්න බෑ ආණ්ඩුව පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය. 18 September 2023
හරක් කටාගේ සිද්ධියට පෙර සී අයි ඩි යේ බුද්ධි නිලධාරින් 8ක් ඉවත් කරලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා සම්බන්යෙන් හා ඔහු බැලීමට පැමිණෙන අමුත්තන් සම්බන්ධනේ සොයා බැලීමේ නිරතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශයේ නිලධාරීන් 8 දෙනකු සිද්ධිය වීමට පෙර ඉවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 18 September 2023
මල් වට්ටිය 84000ට වෙන්දේසි වෙයි වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට ( 15 ) දින අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ. 18 September 2023
ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්රාප්තවේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. 18 September 2023
උද්දිකට වෙඩි තැබීම ගැන හොයන්න සී.අයි.ඩි.යට භාරදෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් පුද්ගලික මෝටර් රථයට අනුරාධපුර ඔහුගේ නිවස ආසන්නයේ දී වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා පොලිස් මූලස්ථානය පවසයි. 18 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026