සවලේ බලයෙන් විසන්ධිකළ ජල සැපයුම යළි ගනී ජල සැපයුම විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට පහරදී විසන්ධි කළ ජල සැපයුම ලබා ගත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 20 September 2023
ගමන් බෑගයක මළ මිනියක් දැමූ සිද්ධියේ හයක් රිමාන්ඩ් මීගමුව කිඹුලාපිටියේ හෝටල් හිමියකුගේ පුතකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක් වංචා කළ බව කියන විදේශ රැකියා නියෝජිතයකු පැහැරගෙන ගොස් දසවද දී ඝාතනය කර ඔහුගේ සිරුර ගමන් බෑගයක දමා අඬුගම් ඔ අසල දමා ගියැයි කියන සිද්ධියේ සැකකරුවන් හය දෙනා ඔක්තෝබර් 4 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. 20 September 2023
බිරියට අයුතු බලපෑම් කළැයි සිසුවා පැහැරගෙන පහරදීලා බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් මත 16 හැවිරිදි දරුවකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 20 September 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය. 20 September 2023
ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. 20 September 2023
ලංකාවට ’’මෙටා’’ සහයත් ලැබෙයි ෆේස්බුක්,වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාලා රැසක් හිමි ඇමරිකා බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන මෙටා (Meta)සමාගමේ සහය ගෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි. 20 September 2023
දළ ඇතා ගොවියාගේ උගුලේ ගැටී මරුට නෙකුටුණුවැව ප්‍රදේශයේ වගා භුමියක් වටා ඉදිකරන ලද අනවසර විදුලි වැටක ගැටි ඇතකු මිය යාමේ සිද්ධියකට එම වගා භුමියේ හිමිකරුවා අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවි සහකාර එම්.ඒ.කේ.එස්.දිසානායක මහතා පැවසිය. 20 September 2023
හැට්ටකටු ගිල පැන ගිය සැකකරු මාට්ටු පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු රත්නපුර රෝහලින් පලාගොස් සිටි සැකකරුවෙක් ගොඩකවෙල රිදීවිට ප්‍රදේශයේ වත්තක සැගව සිටියදි අද (20) අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පවසයි. 20 September 2023
ප්‍රවාහන ආයතන පනතට කතානායකගේ සහතිකය ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතික සටහන් කළේය. 20 September 2023
විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සටනට සැරසෙයි විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ. 20 September 2023
සිරිකොතේදී වජිරගෙන් ප්‍රකාශයක් බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇති මොහොතේ ඒ ගමනට වෛරය ක්‍රෝධය මුසු කිරීම බලවත් කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 September 2023
’’ගත්ත ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ’’ බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝක් නුවර දී පැවසුවාය. 20 September 2023
දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මන් වෙයි අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. 20 September 2023
‘ජනපති කාර්යාලයේ වාහන 28 ක් රක්ෂණය කර නෑ’ ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. 20 September 2023
තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව පොලීසිය අධිකරණයෙන් ඉල්ලු තහනම් නියෝගය අද (20) වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කළේය. 20 September 2023
දසුන් නායකත්වයෙන් ඉවතට? ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට නායකත්යෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ. 20 September 2023
හම්බන්තොට රෝහලේ ශල්‍යකර්ම නැවතිලා නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතරවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 September 2023
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (20) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 20 September 2023
වන නිලධාරීන්ගේ බලතල ග්‍රාම නිලධාරීන්ටත් අලුත් වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරී වරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 20 September 2023
පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව විවාදය හෙට -අනිද්දා පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (21 ) බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ( 22 ) පැවැත්වේ. 20 September 2023
ජනපති නේපාල අගමැති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය. 20 September 2023
වෙඩික්කරුට නවාතැන් දුන්නැයි බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට ගලපිටමඩ දුනුමාල හංදිය ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 14දින පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුට නිවසේ නවාතැන් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 September 2023
උසස් පෙළ පැවැත්වෙන දිනය ගැන විශේෂ ප්‍රකාශයක් අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 September 2023
කෝටි එකහමාරක හෂීෂ් රේගු දැලේ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 20 September 2023
ජනපති බංග්ලාදේශ අගමැතිනිය හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විය. 20 September 2023
කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලබලයක් කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ කිසියම් පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට ගල්මුල් වලින් පහරදී දේපල වලට හානිකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි . 20 September 2023
නොකියා රට ගිය හෙදියට දිගටම පඩි හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ . 19 September 2023
සෞන්දර්ය කලා සිසුන්ගේ අවසන් ප්‍රදර්ශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ අවසන් වසර සිසුන් උපාධි සඳහා වන ප්‍රදර්ශනය කොළඹ 7, ජේ.ඩී.ඒ. කලාගාරයේදී අද (19) පැවැත්විණි. 19 September 2023
රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 September 2023
ජනපති ජගත් සමුළුවට එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද(19) ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ. 19 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026