(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන හොර ගස් හංදිය ප්‍රදේශයේදී අද රාත්‍රියේදී ලොරියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු මිය ගොස් ඇතැයි මොරගහහෙන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ ගල්පාත බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සඳුන් ජයසිංහ නමැති 39 හැවිරිදි විවාහක පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා පෝරුවදණ්ඩ හෝටලේක පැවති ඔහු සේවය කරන ආයතනයේ සුහද හමුවකට සහභාගි වී අනතුරුව මොරගහහේන පැල තවානකට ගොස් පැළ වර්ග කීපයක් මිලදී ගෙන යළි නිවස කරා මොරගහහේන හොරණ මාර්ගයේ පැමිණෙමින් සිටියදී හොරණ සිට මොරගහහේන දෙසට ගමන් ගත් ලොරියක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මියගිය පුද්ගලයා සුහද හමුවට සහභාගි වීමේදී මත්පැන් පානය කර නොමැති බවද අනාවණය වූ බව පොලිසිය කියයි
අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත
ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් පානය කර නැති බව ,කියලා දැම්ම එක ලොකු දෙයක් .නැත්නම් අපේ අය මැරුණු කෙනාටත් බනී "ෂුවර් එකට බීලා ඉන්න ඇති කියලා ".අපේ මිනිස්සු ඒ අතින් හරි මෝඩයි