
(රොමේෂ් මධුෂංක)
විදුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ.
උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්යට ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු වැඩසටහනකදී නව විදුහල්පතිවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ.
උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් නව විදුහල්පතිවරුන් පත්කොට තිබිණ.
නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන් වන බව උතුරු පළාත් අධ්යාපන අමාත්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි උතුරේ සිංහල විදුහල්පති පුරප්පාඩු තියෙනව කිව්වම......
මැතිවරණ කොමිසමේ හිටිය කපටි අය තමයි මේ ඉන්නේ...වසර ගණනාවක් මහජනයාගේ බදුමුදලින් යැපිලා ඡන්දෙ ඕනෑ කාලෙදී පැනලා ගියා...