(මහින්ද  නිශ්ශංක)

උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද සිටම රටපුරා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

  ඊයේ සිට සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කළද තවමත් වෙළෙදුන් වැඩි මිලට සීනි අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් කීය.

        වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙදුන් පිළිබඳව 1977 ට වහා දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි.

     වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක සිට ලක්ෂ පහ දක්වා දඩයක් නියම කළ හැකි බව ද අධිකාරිය පවසයි.