(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

අම්පාර  ධර්මපාල මාවතේ සිදු වූ මාරක රිය අනතුරකින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු, දරුවන් දෙදෙනකු ඇතුව හයදෙනකු, ප්‍රථිකාර සදහා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇති බව අම්පාර පොලිසිය පවසයි.

අම්පාර බන්ඩාරනායක විද්‍යාලයත්, බුද්ධංගල හන්දියත් අතර දී මෙම අනතුර සිදුවි ඇත.

යතුරු පැදි දෙකක් යටකරගෙන ගමන් ගත් ජිප් රථයක් තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

ජීප් රථය පැදවූ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කරසිටියේ දැයි පරීක්ෂණ සිදු කරයි. 

රෝහල් ගතකල අයගෙන් එක් කාන්තාවකගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.