
(ගයාන් සුරියආරච්චි)
අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්රිත ව්‍යායාම සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.
මොරටුව විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන කුලුණු වීරසූරි, උදීෂ කුමසාරු සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් මෙය නිර්මාණය කරනු ලැබීය.
යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රුවන් ගෝපුර මහතාගේ මග පෙන්වීම යටතේ ඉන්ජිනේරු පුබුදු රණවීර හා ඉන්ජිනේරු මනුර ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය සිසුහු නිර්මාණය කළහ.
‘වර්තමානය වනවිට ශීඝ්‍ර යෙන් පැතිර යන කාපල් ටනල් සින්ඩ්‍රෝම් නැමැති මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගී තත්ත්වය හේතුවෙන් විශාල රෝගීන් පිරිසක් පීඩා විදිනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් එක් දිනකදී ජාතික රෝහලේදී පමණක් හදුනාගන්නා බව අපට දැනගන්න ලැබුණා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ භෞත චිකිත්සකවරුන්ගේ හිගය හේතුවෙන් මෙවැනි රෝගීන්ට අවශ්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ගැටලුවක් වෙලා තියෙනවා.
ඒ ගැටලුව සදහා විසදුමක් සෙවීම උදෙසා අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙවැනි රොබෝවන් මගින් රෝගීන්ට අවශ්‍ය ව්‍යායාම ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා. මෙම රොබෝවා මගින් මැණික් කටුව නැමීම, ඉහළට එසවීම, ඇගිලිවලට ව්‍යායාම සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙමගින් සිදුකළ හැකියි. ‘ යනුවෙන් නිර්මාණකරුවෝ පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් මිටක් ඔබට... ඇත්තටම ලෝකයේ මොළකාරම ඉංජිනේරුවෝ මොරටුවේ. තාක්ෂණය අතින් දිළිඳුම රටක් ලංකාව...
නියමයි දරුවනි නියමයි. ඒක නොවෙයි බැරිද artificial intelligence වලින් වැඩ කරන රොබෝටික් ජනාධිපතියෙක්, ඇමැති, මන්ත්‍රීලා සෙට් එකක් හදන්න. ලංකාව, ඇමරිකාව හා කැනඩාවට පමණයි ඉතා අවශ්‍ය. කළොත් නොබෙල් තෑග්ග ලැබෙනවා ෂුවර්. කැනඩාවේ ඉන්නේ අපේ බදු මුදලින් යුක්රේනයට ඩොලර් මිලියන ගණන් නිකන් දෙන හන්ගොරකෙක්..!
වර්තමාන සමාජයට බොහෝ සේ ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක්.. සුබපැතුම් ඔබ සියලු දෙනාට..!
සුබපැතුම්...!
කුළුණු නම් කුළුණක් වගේම උසයි...