
(සුජිත් හේවාජුලිගේ )
ආහාර වර්ග කිහිපයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5කින්ද කිරි තේ එකක මිල රුපියල් 10කින්ද ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් රාජ්‍ය සේවකයින් 20000ට නෙවෙයි 30000ට වත් ඉල්ලන හැඩ තියෙනවා..!
කොහොමද ගණන් හැදිල්ල... සීනි වැඩි වුනේ 50යි. සීනි කිලෝ එකෙන් තේ හදන්න පුළුවන් 10යි. සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්. මේ අකුණු ගගහ වහින කාලේ හොඳේ. වැඩිය එළියට බහින්න එපා...!
කඩවල් වලින් කන්න බොන්න එපා. කෑම අපිරිසිදු යි, මිල අධිකයි. ගෙදරින් වතුර බෝතලයක් අරගෙන යන්න. අපේ lifestyle එක වෙනස් කරගන්න. British ඇදුම් ක්‍රම වෙනස් කරගන්න ඇමරිකන් ක්‍රමයට T ෂට් එකට කුඩා backpack එකට පුරුදු වුණොත්වතුර, කුඩා තේ බෝතලයක් කෑම ටිකක් ගෙදරින් ගෙන යන්න පුළුවන්. එතකොට කඩවල්වල පරණ, අපිරිසිදු ආහාර වැඩිමිලට ගන්න ඕනේ නැහැ.
රටේ වෙනත් ප්‍රදේශ සහ උතුරේ සත්වපාලනය සඳහා අවශ්‍ය කරන්නා වූ තණ නොමැති නිසා තණ වගාකිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුවේ. ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යාමට රජයේ ඉඩම් මේ සඳහා ලබාදීමට හෝ වැඩපිළිවෙලත් තිබිය යුතුවේ. රජයට බදු අයකිරීමක් කළහැකි වේ. වසර 5න් පහට දීර්ඝ කිරීමේ පදනම මත හෝ වෙනත් ක්‍රමවේදයකට ලබාදීම වැදගත්වේ...
කඩ දහයකට ගියොත් මිල ගණන් දහ විදිහකට... ඒ නිසා එකම ප්‍රමිතියකට හා එකම මිලකට ආහාරපාන ලබාදෙන්න පළමුව කටයුතු කරන්න. ඒ වාගේම හෝටල් අතුළත හා එහි සේවකයින්ගේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න... කොළඹ හෝටල් බොහෝමයක් ඇතුළට ගියාම පිළී ගඳ දැනෙනවා... සේවකයින්ගේ ඇඳුම් දින කිහිපයක් සෝදා නැති බව පෙනෙනවා... අපිරිසිදු දෑත්වලින් ආහාර අල්ලනවා. ඒ සඳහා සුදුසු උපකරණ නැහැ. කුස්සි බොහෝමයක් අපායවල් වගේ, කොළඔ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පගාවට යට නොවී නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් කොළඔ හෝටල් වලින් සීයට අනුවක් විතර වැහේවී...!
දූෂිත පවුල් පාලනය රටේ දේ හොරකම් කොට රට බංකොලොත් කළා. ඊට විසඳුම විය යුත්තේ හොරුන් අල්ලා හොරා කෑ දේ නැවත රටට ලබා ගැනීම වුවත්, සිදුවූයේ, පරම්පරා ගණනාවක් යනතෙක් ගෙවා නිමකළ නොහැකි ණය කන්දරාවක් ගැනීම හා රටේ ජනතාවට බදු බර, බඩුමිල ඉහළ යාම, ලයිට් බිල්, වතුර බිල් ආදී සියලු දේ දැරිය නොහැකි ලෙස වැඩිවීමයි. මේ දේවල් මෙසේ සිදුවූවත්, සමස්ත විපක්ෂය ඉබාගාතේ නන් දොඩවමින් මං මුලාවී සිටිනු දක්නට හැකියි. මේ කාලයේ, ඇතුළත්මුදලි වැනි අය නොමැතිවීම හදවතට දැනෙන දෙයක්...!
සාගලට සහ රනිල්ට ජය...!