IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටටම ආදර්ශයක් වූ අපූරු පාසල

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

කෘෂි කර්මය විෂයකට පමණක් සීමා වී   කෘෂි කර්මය උගන්වන ගුරුවරුන් පොතේ ගුරුවරුන් වෙනකොට,  රටටම ආදර්ශයක් දෙමින් පාසල් භූමිය කෘෂි ගෙවත්තක් කළ විදුහල්පතිවරයකු මෙන්ම කෘෂිකර්ම විෂය බාර ගුරු පියවරුන් දෙදෙනකු  ගලෙන්බිඳුණුවැවෙන් අපට හමු විය.

ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්.කේ.එන් සෙනෙවිරත්න  කෘෂි විද්‍යාව පිළිබද ආචාර්යවරුන් දෙපෙලක වන ඩ්ලිව්.එස් වසන්න සිරිවර්ධන හා රුවන් අමිල ජයතුංග යන දෙපළගේ කැපවීම සහ දරුවන්ගේ සහාය මත මෙම ලස්සන ගෙවත්තා නිර්මානය වි ඇත. 

2016 වර්ෂයේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලය පැමිණ විදුහල්පති ධුරය භාරගෙන වසර අටකට ආසන්න කාලයක් තිස්සේ විදුහලට සිදුකළ එක් කළ අපූර්වත්වයන්ට නොදෙවෙනි ආකාරයෙන් අමුතුම තාලේ ගෙවත්තක් එසේ නැතිනම් ගමක හේනක පරිසරයක් සහිත අලුත් බිමක් ගොඩනැගී ඇති මෙම ගෙවත්ත හා මෙම කෘෂි ගෙවත්ත සහිත පාසල් භුමිය  තව දුරටත් මුඩු බීමක් වෙන්නට නොදී මේ අයුරින් ක්‍රමයෙන් ගොඩ නඟා ගෙන ඇත. 

නුවරඑළියට ආවේණික කැරට්, බීට්, ලීක්ස්, අර්තාපල්, නෝකොල්, ගෝවා, සලාද වර්ගවලට අමතරව මෙම උතුරුමැද මෙන්ම ඌව මඩකලපුව වැනි ප්‍රදේශවල වවන ඉරිඟු, අලබතල, මයියොක්කා, සරුසාරව වවන්ටත් වස විස සහිත රට බෙහෙත් පොහොර කිසිවක් නැතිව මෙම ගෙවත්තට පාසල් සිසු සිසුවියන්ම නිෂ්පාදනය කරගන්නාවු කාබණික යෙදවුම් පාසලේදීම සකස් කරගන්නා බවද පාසල් දරුවෝ පෙන්වා දෙති. 

 



අදහස් (10)

රටටම ආදර්ශයක් වූ අපූරු පාසල

මැක්ස් Saturday, 04 November 2023 11:09 PM

මේ සඳහා මූලිකත්වයගත් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන්ට අපගේ ප්‍රණාමය වේවා! කෙසේ වුවත්, වස විසෙන් තොර ආහාර රටටම ලබා දෙන්න උත්සාහයක යෙදුණු නායකයාට මේ රටේ ජනතාව යැයි කියා ගන්නා අය කළ කී දෑ ගැන හිතන කොට මේ රටට වස විස නැති කෑම බීම අවශ්‍යද කියන පැනයත් ඇති වෙනවා...

:       4       7

Sjjm lakshman Sunday, 05 November 2023 08:12 AM

ඔබලා මිහිපිට රජවරු. තව තවත් ධෛර්යය ඇතිවේවා යැයි පතමි. ජේසු පිහිටයි.

:       0       8

D.m.k.Ariyawansa Sunday, 05 November 2023 08:39 AM

අපූරු ගෙවත්තක් .පාසල් පද්ධතියට අපූරු ආදර්ශයක් .සුභ පැතුම් ඔබට

:       0       8

රංබොඩ Sunday, 05 November 2023 09:36 AM

උසස් ක්‍රියාවක්. මෙහි පලදාව වෙහෙස මහන්සි වූ දරුවන්ට සහ අදාල ගුරු භවතුන්ටම බෙදී යා නම් ඉතා උසස්.

:       0       3

fairoos Sunday, 05 November 2023 12:35 PM

ලස්සනයි... මේකෙන් එන ආදායමත් ස්කෝලයටම ගත්තොත් හොඳයි.

:       0       11

R.N.S.Rathnayaka Sunday, 05 November 2023 04:48 PM

මේ සමග සම්බන්ධ වීම වටිනා දෙයක්...!

:       0       11

Mohan Mangala Sunday, 05 November 2023 11:58 PM

නියමයි...!

:       0       0

Karu Monday, 06 November 2023 01:21 PM

මේ වැඩ වලට දේශපාලුවෝ ගාවගන්න එපාලු .පාසලේ වටිනාකමත් නැතිවෙනවා

:       0       3

premasiri Tuesday, 07 November 2023 11:04 AM

ඉතා හොඳයි අනෙක් අයටත් දැක බලා ආදර්ශයක් ගන්න අවස්තාව ලබා දෙන්න

:       0       1

nihal Thursday, 23 November 2023 07:35 AM

විශිෂ්ටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site