(සුමිත් පොතුපිටිය)
එකට මත්පැන් පානය කල මිතුරන් දෙදෙනෙකු අතර ප්‍රේම සම්බන්යධක් මුල්කර ගනිමින් ඇතිවූ කතාබහකින් පසු එකෙකු අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව කන්ද පන්සල පාරේ පදිංචිව සිටී රේමන් ජයතිස්ස නැමැති 67 තිදරු පියෙකු බව පොලිසිය කීය.
සැකකරු සහ මියගොස් ඇති තැනැත්තා මිතුරන් බවත් අයෙක් පැවැත්වූ බව කියන අනියම් ප්‍රේම සම්බන්දයක් ඇතිවූ කතාබහක් දෙදෙනාගේ ආරවුලට මුල්වි ඇති බවත් පොලිසිය කීය.
පහරදීම සිදුකල බව කියන එම ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පොල්ල භාරයට ගෙන ඇති බව පොලිසිය කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීහු පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්තම් වැඩේ සම්පූර්ණ නැහැනේ...!