
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා අනතුරක් කළ බව කියන පොලිස් කොස්තාපල් රියදුරයකු වාලච්චේන පොලිසිය විසින්සැකපිට අත්අඩංගුවට ඇත.
මෙම අනතුරින් පොලිස් ජිප් රථයට ද දැඩි ලෙස හානි සිදුවී ඇතැයි වාලච්චේන පොලිසිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොස්තාපල් රියදුරාට බීමත්කම නිසා ජිප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී තිබෙන බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් රියදුරා වාලච්චේන රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයා ඔහු පරීක්ෂාකර බලා බීමත්ව සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd