(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.w
එම අධිකරණ පරිශ්‍රයේදී මේ සිද්ධියවී ඇතැයි පැවසෙන්නේ පෙරේදා(2) දහවල් කාලයේදීය.
ගුටිබැට හුවමාරුවෙන් පසු එම දෙදෙනාම රෝහල්ගතවී සිටින බව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළේය.
එම අධිකරණයේ නීතිඥවරුන් දෙදෙනකු අතර මීට මාසයකට පමණ පෙරදීද නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් මත ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් වෘත්තිකයින්ගේ හිඟය සෑම අංශයකම තියෙනවා. ආර්ථිකයේ හෝ පැවැති අධ්‍යාපනයේ වැරැද්ද..!
හොඳ වෙලාවට දෙන්නා ගාව පිස්තෝල තිබුණේ නැත්තේ...!
අහෝ ශ්‍රී ලංකා නඩු දිනවීම නොව බෙදා ගැනීමට රණ්ඩු කරන නීතිඥවරු ඉන්න රටක්..!
නිරුවතින් මුදල් පසුපස හඹා යන අතිශය පිරිහුණු වෘත්තියක මෙවැනි දෑ සිදු නොවුනේ නම් පුදුම විිය යුතුයි.
බෙදා ගැනීම නොව බදා ගැනීම...
අරගලයේ ප්‍රතිඵල...!
තමන්ගේ නඩුවට තමන්ම කතා කරගත්තාම සල්ලිත් ඉතුරුයි, හරස් ප්‍රශ්න අහන්න අමාරු නෑ...
මැති ඇමැතිලා පාර්ලිමේන්තුවේදී ගහගන්නවා. වෛද්‍යවරු රෝහලේදී ගහගන්නවා. ගුරුවරු පාසලේදී ගහගන්නවා. නීතීඥවරු අධිකරණයේදී ගහගන්නවා. අපි පාරෙදි, ගෙවල්වලදී ගහගන්නවා. ඔහොම තමයි හැම දෙයක්ම පිරිහුණු ශ්‍රී ලංකාව...
මෙය ඉතා හොඳ ප්රවනතාවයක් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පටන් ගෙන, සමාජයෙ ඉහළ පෙලේ වෘත්තිකයන් පවා අපට ඉතාමත් හොඳ ආදර්ශයක් සපයනව