(යොහාන් භාසුර, දිල්ලි නුවර සිට ....)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට අද (4) පෙරවරුවේ යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  උසස් නිලධාරියෙක් පැවැසීය.

මොහාන් ද සිල්වා මහතා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව විමසීමට ඔහු සමග කතා කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ඉන්දියාවේ දී දැන් පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙන චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මොහාන් ද සිල්වා මහතා මෙසේ ඉල්ලා සිටි තිබේ.