
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ සජීවා කෝට්ටෙගොඩ)
දැදුරුඔය පෝෂක ප්‍රදේශ වලට ඊයේ (03)දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
වාන් දොරටු 05 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 13800 ක ජල පරිමාවක් මුදාහැරෙන බව ඉංජිනේරුවරයා කීය.
මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවූවත් ඉදිරි වැසි තත්වය සම්බන්ධයෙන් දැදුරුඔය පහළ ද්‍රෝනියේ පදිංචි කරුවන්ට සැළකිලිමත්ව සිටින ලෙස වාරි ඉන්ජිනේරු කාර්‍යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd