පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හලට සීල් ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිලියන්දල බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි ’’සිපෙට්කෝ’’ ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රදේශිය කාර්යාලය පවසයි . 31 October 2023
ලුණුවිල පාසල ඉදිරිපිට මළ සිරුරක් ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බවමාරවිල මූලස්ථාන පොලීසිය පවසයි. 31 October 2023
ගම්- නගර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරයි මෙම වසරේ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 31 October 2023
ගම්පහ ලාදුරු අවදානමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 31 October 2023
තහනම් ඖෂධ ළඟ තබා ගත් පොලිස් සැරයන් මාට්ටු බලපත්‍ර නොමැතිවනීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක තොගයක්ලඟ තබාගෙන සිටියේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීකෑගල්ල කොට්ඨාශ අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 31 October 2023
යූරියා නැති කතාව බොරු යුරියා ඇතුළු අනෙකුත් පොහොර වල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 October 2023
මත් සිගරැට්ටුවක් දී පී.සීට සුද්දයක් දීලා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාදුනන පුද්ගලයකු ලබාදුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වීමකට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙල පැලැඳ සිටි රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි. 31 October 2023
අකුණු සමග අද සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 October 2023
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 31 October 2023
ඇෆ්ගනිස්තානය පෙරළි කාර ජයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. 31 October 2023
ගාසා තීරයේ සටන් විරාමයක් නෑ ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. 31 October 2023
මගී බසයට අඹ ගසක් කඩා වැටේ හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී බස් රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල අඹ ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 30 October 2023
පොලිස් ගිනි අවිය ගන්න හැදූ සැකකරු අල්ලයි පොලිස් නිළධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සමග අද පස්වරුවේ අත්අඩංගුව ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 30 October 2023
ප්‍රමිති ආයතනයටත් හොරු පනිති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 30 October 2023
’’අය වැය පොරොන්දු 25 කින් 17ක තොරතුරු නෑ’’ 2023 වසරේ අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබූ වියදම් පොරොන්දු 25 ක් අතරින් 17 ක ප්‍රගතිය ඇගයීමට ලක් කිරීමට හැකියාවක් නොලැබුණු බවත් අදාළ අමාත්‍යංශ එම පොරොන්දු පිළිබඳව ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර නොතිබීම එයට හේතු වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 30 October 2023
’’පොනී ගැන තවම තීරණයක් නෑ’’ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 30 October 2023
දුම්රිය නියාමකයන් නැතුව ගමන් වාර 16 අවලංගුයි දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 30 October 2023
ලෝක බැංකු නියෝජිතයෝ ගොවි දුක බලන්න යති මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිතයෝ අනුරාධපුර, තිරප්පනයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට මෙලෙස එක් වූහ. 30 October 2023
ජංගම සේවයේ ගිය සාජන්ගේ පිස්තෝලය උදුරන් වෙඩි තියන්න හදලා රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 30 October 2023
අයවැයෙන් පඩි වැඩි කරයි එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. 30 October 2023
පර් සි ක්‍රිකට් පිටියට සදහටම සමුදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර් සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 30 October 2023
පීලි පැන්න දුම්රිය යථා තත්ත්වයට උඩරට මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල් ඔය අතර අද පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 4.00 ට පමණ පීලි ගතකර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 30 October 2023
ඇෆ්ගනිස්තානයට 242 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී ලකුණු 241 කට සීමා විය. 30 October 2023
අස්වැසුම ප්රතිලාභ ගෙවීම 1වැනිදා අරඹයි අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් හෙට (1) සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 30 October 2023
වැඩි මිලට සහල් වික්කොත් මේ අංකයට කියන්න සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. 30 October 2023
නියාගම ප්‍රා.ස.හිටපු සභාපති අත්අඩංගුවට නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30)අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 30 October 2023
හිටපු පොලිස් ලොක්කාගේ ඇප ඉල්ලීම ඉවතට බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතාට ඇප ඉල්ලා මෝසමක් මගින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් අද (30) ප්‍රතික්ෂේප කරන ලදී. 30 October 2023
ඇෆ්ගනිස්තානය පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 30 October 2023
රාජ්‍ය සේවකයෝ පාරට බසිති රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. 30 October 2023
උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා හිල්ඔය අතර ප්‍රදේශයේදී දුම්රියක් අද (30 ) පිලී පැනීමටකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 30 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026