
(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල වල ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ද එම සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
විශ්ව විද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද රාඝවන් මහතා කීය.
මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සුරේන් රාඝවන් මහතා පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති කළින්ම ළමයි ටිකට නවක වදය දීලා යවන්න වගේ ලෑස්තිය...
මොවුන්ගේ ප්‍රචන්ඩත්වය නැති කරන්න ඔබට නොවෙයි, සක්කරයාගේ පුතා වයිමාටවත් බැහැ. ඒ තරමට පාහර ජෙප්පෝ මොවුන්ගේ මනස විකෘති කරලා තිබෙන්නේ... හැදෙන්න නම් මේ අය... එක්කෝ සමාජයෙන් බැටකන්න ඕනේ. නැතිනම් කට සැර ගැහැනියක් කසාද බැඳගෙන උන්දෑගෙන් ගුටි කන්න ඕනේ...!
ඕක පටන් ගන්න ඕනේ ගෙදරින්...!
වි.වි විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ අයත් සමාජ සේවාවට දැම්මොත් හොඳයි.... මිරිස් කුඩු ගහන එක, පුටුවලින් ගහන එක, මයික් කඩන එක, කතාවට බාධා කරන එක... ඒවාත් ප්‍රචණ්ඩත්වය තමයි...!
ඔවුන්ව දුශ්කර පාසල්වල උගන්නන්න දාන්න
ඒ ළමයින්ට කන්න බොන්න වත් කියක් හරි දීලද ඕව කර ගන්න හදන්නේ නැත්නම් ඒ වියදමුත් ඒ ළමයි දරා ගන්න ඕනිද ඔහෙලගෙ සමාජ සේවේ කරන්න ?
මානව ශාස්ත්‍ර පීඨ වල ඔක්කොම අයගේ කයිවාරු විතරයි වැඩ කරන්නේ නැහැ .උදේ ඉඳන් හවස් වෙනකම් කතා කරයි වැඩ නැහැ
විශ්ව විද්‍යාල ප්‍රචණ්ඩත්වය ගැන හොයන්නට කලින් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයින්ගේ ප්‍රචණ්ඩත්වය ගැන කිසියම් පියවරක් ගැනීම නේද වඩා හොඳ? ඇස් ඉදිමෙනකන් නිදිවරාගෙන පොත් බලලා ඉහළ සුදුසුකම් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන සිසුන්ගේ පරිපාලන කටයුතු කිරීමට මේ රටේ ඉන්නා දේශපාලකයින් කෙතරම් දුරට සුදුසු දැයි විටෙක සිතෙනවා. ඉස්කෝලේ දෙකට තුනට ගිහිල්ලා කෝච්චියේ වඩේ විකුණපු අය, කෝච්චියේ මාල කැඩූ අය, කුඩ්ඩන්, හොරුන්, මිනීමරුවන් වැනි අයද සිටිනා පාර්ලිමේන්තුවේ ඉන්න අය විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා උපදෙස් දීම ලොව හිනස්සන විහිළුවක් සේ පෙනේ...!