(යොහාන් භාසුර)

හයිඩ් පාර්ක් කෝනර් නුගගහ  අසළ මාර්ගයේ ජල නළයක් පුපුරා දින හතරක් තිස්සේ ජලය කාන්දු වීමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිය.

එම ජල කාන්දුවෙන් ජල බුබුලු දමමින් මාර්ගය දී ගේ ගමන් කරන ඒ අසළින් ගමන් ගන්නා පදිකයන්ට දැඩි පීඩාවකි. ඊටත් වඩා දින හතරක් තිස්සේ අඛණ්ඩව මෙම ජලය ගලා යාමෙන් ජල මණ්ඩලයට සිදුවන පාඩුව කොතරම්දැයි නගර වාසීහු විමසති.

ඒ අසළ ව්‍යාපාරික ස්ථාන මේ පිළිබඳව කොළඹ නගර සභාව සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කළ ද මේ දක්වා පියවරක් ගෙන නොමැත.

මෙම පදික වේදිකාවක ද පිළිසකර කර නව මුහුණුවරකින් සාදා නිමකර මස දෙකක් වැනි කෙටි කාලයක් මේ වන විට ගතවී ඇත.