(යොහාන් භාසුර)
බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීී අද (15) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත් ඒ මහතා කීය.
එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බව කී මහින්ද රාජපක්‍ෂ මහතා රට නිවැරදි මාර්ගයටට ගෙන යෑමට ජනතාවට දේශපාලනයක් අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය ආකාරයේ අලුත් රටක් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.
සමහරු මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි දැයි ජනතාව දන්වා බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොන සූට් ද?
රටේ මිනිසුන්ට බයේ ත්‍රිකුණාමලයේ කෑම්ප් එකක හැංගිලා හිටපු කෙනාගේ දැන් චන්ඩි පාර්ට් කොහොමද
හැබැයි මහින්ද මහතා හොඳ කථා වක් කිව්වා.2022 මිනී මරපු එකට අනාගතේ සාධාරණයක් කරනවා කියලා.
බලයේ උන් සමහරු දැන් රෙදි ලිහා ගෙන...
ඔවුන්ගේ ඇඳුම් මහල ඇත්තේ ඔවුන්ගේ සල්ලි වලින් නුඹලා වගේ හොරකම් කරපුවා නෙවෙයිනේ...
අධිකරණයෙන් වරදකරු වෙචිචි, රටම බන්කොලොත් කරපු අය හරි නම් හිරේ ඉන්න ඕනේ. නීතීගරුක ශිෂ්ඨ සම්පන්න රටක එසේ වුණත් දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රජකරන රටක එසේ නොවේ...
ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් රටම විනාශ කරපු හැටි ලෝකෙම දන්නවා .ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .
සූට් මහන්න ...? ඔව් ඔව් ෆුල් කිට් මහන්න ඕන නැහැ ,මිනිමරු හොරනායකයා වන තමුසෙටයි , රන් අම්මණ්ඩි නොහොත් තමුසෙගෙ ගෑනිටයි , හොර මිනීමරු මොංගල් කොල්ලෝ 3 දෙනාටයි දෙක බැගින් " ජම්පර් " ටිකක් මහලා තියාගන්නවා.ළඟදීම බලු කුඩුවට දැම්මාම අඳින්න. තමන්ගේ වියදමෙන් ( අපෙන් හොරාකාපු සල්ලි වලින් )ඇඳුම් මහගත්තේ නැතිනම් අමු හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ, මහජනතාවගේ සල්ලිවලින් ඔය හොර මිනීමරු පවුලට ජම්පර් එකක්වත් මහන්නේ නැහැ.
වලපයයි ගොඩ පයයි තියාගෙන මේකා මොනවාද මේ දොඩවන වල් බුත ? මොලේ හොඳටම කචල්.මේවත් පිළිගන්න මෝඩයෝ තවමත් ඉන්නවාද? ඔය රැස්වීමට ආපු අයගෙන් බාගයකටත් වැඩිය ආවේ බත් එකටයි,සල්ලිවලටයි අරක්කු විදුරුවටයි පමණක් නොවෙයි,ඔහෙළාව රවට්ටන්න !!! ඔය අරවා මේවා දුන්නේ රටේ ජනතාවගෙන් පික් පොකට් ගහපු සල්ලි වලින්,ඒ නිසා ඒවා ඒ මිනිස්සුන්ට අයිති දේවල්.හැබැයි චන්දෙදි බලමු, ඒ මිනිස්සු ඔක්කොම චන්දෙ දෙන්නේ මාලිමාවට.එදාට ගම්කබරයින්ට යන්න වෙන්නේ *කෙන්.
මේ නාකියාට පිස්සු.
බොරුව ජනගත කරන්න හදන්නේ මේ අවලම් නාකි මිනීමරු කබරයායි.ඕවට අපි අහුවෙන්නේ නැහැ .
හරි ,හරි , අපි චන්දෙදි බලාගමුකෝ,එදාට ඔහෙට ඔය සාටකයෙන් අමුඩයක් ගස්සලා ගෝල්ෆේස් එකේ ඇදගෙන යනවා හොරාකාපු සල්ලි වමාරනකම්.
මේ නාකියා එකසැරයක් පැරදිලා ගෙදරගිහින් ජනේලයේ එල්ලුනා.අන්තිම සැරේ ජනතාවට බයේ ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ හැඟුනා.හැබැයි මීළඟපාර පොළොවේ අඩි 6 ක් යට තමයි හැංගෙන්න වෙන්නේ හොර පවුල පිටින්ම.
හොරකම්ලැ කරල ලැජ්ජා නැතුව තවත් බයිලා කියෝනව.
රට අමාරුවේ වැටුණේ නැහැනේ...? අමාරුවේ වැට්ටුවා නේ, නේද?
රෙදි ගැලවුන අයට සූට් මොකටද?
ඇත්තටම. පිරිමිකමක්. මොලයක් පපුවක් තියෙනවානම් නාකි මයිනා නැවත කරලියට ඇවිත් බේබි ටෝක්. කියයිද. මුන් හිතන් ඉන්නෙ. රටේ සේරම වැසියෝ සමුර්දියෙන් කාලා පන්දාහ දෙනකම් බලනින්න ජාතියක් කියලා. අලුත් සුට් මහන්න වෙන්නෙ අන්තිම ගමන යන්න ලග කට්ටිය. ගියපාර ගොබ්බයව ගෙනත් මුලු ලෝකෙම හිනස්සලා. ගියා. දැන් එන්නෙ කපුටා හරි. බේබිව ගෙන්නවෙන්න ඇති රටේ හොරා කාපුවා කතා කරකොට. දත් සෙට් එක එලියටඑන්න. ගල් පාරක් දෙන්නඕන. දැන් ඉන්නවා එලියට වෙලා චන්ද එකෙතු කරන්න. ප්‍ර්තිපල කියනකොට. බන්කරෙට යන්න වෙයි. හදහන බලාගත්තානම් හොදයි. මැරෙන්න මොහොතක් තියෙනකොට කාපුවා වාමාරලා. ජම්පරෙත් ඇදලා යන්න ඉන්නවද කියලා බලා ගන්න
අන්තිමට යනකොට අන්දන සූට් එක ලෑස්ති කරලා තියාගන්න...!
සමහරු අධිකරණ තීන්දුව ගැන කතා නොකර බයිලා කියනවා
ඔය ගත්ත නයට කරපු හරියත් කියන්නකො යුබොවන්
පිස්සුද ලොක්කො රට ඔය තත්වයට වැටුනේ ඔය කුරුමිණියෝ කාපු පොහොට්ටුව කරපු දේවල් නිසා තමයි එහෙම තියෙද්දි තවත් පොහොට්ටුව දිනවීමට කවුරු හෝ උදව් කරන්න එනවා නම් උන් මොළයක් තියෙන මිනිස්සු වෙන්න බැහැ රට ගැන සැබෑ කැක්කුමක් තියෙන කිසිවෙකු නුඹලාට නැවතත් බලය දෙන්න ඉදිරිපත් නිවෙයි කියලා කියන්න පුළුවන්
අපි රනිල් බොසා ගෙනාවෙ මොඩ කමට කියල හිතන උන්ට දැන ගන්නත් එක්ක ඔබ තුම එහෙම කියපු එක හොදයි. අපිට තව ගොඩක් තුරුම්පු තියනව. නිමල් මහත්තය එනකන් අපි ගමෙ එකා ගහනව. ඔබ තුමා රනිල් බොසා එක්ක කරන වැඩ පිලිවෙල සාර් ථක වොවා.....
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !!
සූට් මහලා අන්දපු එකා පැනලා ගියාම ජීවිතේට සූට් එකක් තියා කලිසමක්වත් අඳින්න බලයක් නොතිබූ එකාට සූට් ඇන්දුවේ ඔයාලනේ...!
අම්මේ ඔව් එහෙම තමා... ඇත්තටම ඔබලාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනික රටේ ජනාධිපති වෙලා ඉඳලා ඒකෙන් පැරදිලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නවා ලැජ්ජාවක් නැද්ද? රටේ දේපල හොරා කාලා ඇවිද ගන්නත් බැරුව තවත් බඩ ගගා එනවානේ ඔබලා වදාපු දෙමව්පියන්ටත් බැනුම් අහනවා ඔබලාගේ වැඩ හින්දා මැරෙන ටිකට දැන්වත් ගෙදරට වෙලා ඉන්න හොරා කන්නේ නැතුව...
මයින්ද මාතියා මොනවා දොඩවනවද මේ?
මේ ඔහෙට නම් සූට් සියක් මැහුවත් ආයිත් මේ රටේ මිනිසුන්ගෙ චන්දෙන් ජනාධිපති වෙන්න බෑ .ඇදුම් මහගෙන රෙදි නාස්ති කරන්න එපා
අධිකරණය පවා රට ප්‍රපාතයට වැටීමට මොවුන්ගේ කටයුතු හේතුවක් වුනා කියලා තියෙද්දි මුන්දැ අනුන් ඇදුමක් මහගන්නවා කියලා මැරෙන්න හදනවා කොතරම් නීච කතාවක්ද ඒකෙනුත් පේනවා නේද උන්දැලා හිතන්නේ උන්දැලා විතරක් හිටියම ඇති කියලා නේද
ඉංදියාව සඳට යවපු රොකට් එක ගොඩක් අඩු ගානට යැව්වාලු නේත ?
ලොක්කාගේ කල්පනා ලබන සැරේත් කොහොම හරි ඇර්ගෙන රට ඉවරම කරලා දාන්නයි. අයියා මල්ලීව දාලා කොරපු හරිය දැන් පේන්වනේ. මේ සැරේ අපි දෙන්නේ මල්ලිට දුම්මල නොගහාම තොලොංචි කරපු, මිනී මස් නොකන, මල යක්කුන්ට. ඔවුන් ඔයාලාට වැඩිය දහස් වාරයක් හොදයි... ඒ අයත් අපටම කෙලවන්න ආවොත් ඒකත් අපි එතකොට බලාගමු. කෙලවන හැටි ඔවුන් ඉගෙන ගත්තේත් ඔයාලාට කෙලවලාම තමයි. ඇහුණාද?
ඒක ඇත්ත.. පෙට්ටියේ යන්න ඇඳුම මහන්න ඕනේ කෙනා බලය ගන්න ඇඳුම මහනවා.
ඔයා නම් ආයේ කොහොමත් එපා...!
මෙයා නම් බලය ඉල්ලන්නේ ආපහු හොරාකන්නයි, නඩුටික අයින් කරගන්නයි තමයි... ලංකාවේ සාපය...
දැක්කේ නැද්ද කාර්ටූන්වල එහෙම ඇත්ත තත්වය පෙන්නලා තිබුණු හැටි...? කොඩි කණුවල එල්ලලා තිබ්බ තණකොළ වගේ විහිලු නොවේ ඒවා. අර හැට නම ලක්ෂෙ දැන් පන්දාහට බැහැලා කියලයි සමහරු කියන්නේ...! මහින්දගේ ආකර්ෂණය නැතුව පාරේ බැහැලා යන්නවත් ශක්තියක් නැති කට්ටිය ඉතින් ජම්බෝරි නොදා වෙන මොනවා කරන්නද අප්පා.?
පැවැති සෑම මැතිවරණවලදීත් මෙයාලා කිව්වේ අලුත් රටක් නිර්මාණ කරනවයි කියලා. මෙයාලා තමයි රට බංකලොත් කළා කියලා අධිකරණයෙන් තීන්දු කළා. දැන් ආයිත් අලුත් රටක් හදන්න බලය ඉල්ලන්නේ. රට වැටුණා වගේ කතා. මෙයාලා රටේ සම්පත් හොරකම් කරලා, රට වට්ටලා, බේරීමට සූට් කාරයාව ජනාධිපති කළේ...
ෂූට් මහගත්තු අය ගැන කියන්න තරම් ආරන්චියක් නැහැ. බලතන්හාවෙන් පිස්සු වැටිලා හිටපු කෙනෙක් නම් තුන්වෙනි පාරටත් ජනාධිපතිකමට ගහපු ඩීල්, ගහපු ගේම් කරපු දේවල් ගැන නම් ඕනෑතරම් දේවල් තියෙනවා. ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් අන්තිමට රටට කරපු විනාසේ අමතක වුණාද?
හොරාකාපු සල්ලි ගැනත් පොඩ්ඩක් කියමුද?
නිමලයට අන්දලා තියෙන්නේ යටකලිසම වෙන්න ඇති...
ඔක්කෝටම කලින් තමුන්ගේ මළමිනියට සූට් එකක් මහගත්තොත් හොඳයි... එක්කෝ ඕනෑ නැහැ. මොකද දැනටත් ඒ වගේනේ. 4 දෙනෙක් අල්ලාගෙන ඇවිද්දවන මළගිය අය ආයෙත් පොහොට්ටුවේ ලොක්කන් වෙලා. ළඟදීම හිරේ යාමට නියමිත ආර්ථික ඝාතකයන්...
මොලේ විකාර වෙලා. තමුන් තරම් බොරුව ජනගත කරපු කෙනෙක් ලොවෙත් නැතුව ඇති. මහින්ද චින්තනය 1,2 තාරුණ්‍යයට හෙටක්, ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්යය. බල තන්හාවෙන් පිස්සු වැටිලා කියපු කරපුවා ඉහටත් උඩින්... දැන් උඩ, යට මාරුවෙලා වගේ...
කරපු අයගේ පවුල් පිටින් හැඳිගෑවිලාම යන්න ඕනේ...
ඔයාලා ඇඳුම් නැතිවම ඉඳලා අපෙන් අරගෙන ඇඳුම් ඇඳගෙන, රජවෙලා රටම වලපල්ලට යවලා වෙන කෙනෙක් ඇඳුම් අඳින කොට හරි අමාරුයි නේද? ආයේ අවුරුදු තිහක් විතර බලාගෙන ඉන්න වෙයි හිරේ නොගියොත්...!
මහින්ද මහත්තයෝ ඔබ බින්දුවට ගියත් සීයට ගියත් අඳින්නේ ඔය ඇඳුම තමයි නේද? ඔබට ඇඳුම ප්‍රශ්නයක් නොවෙයි.