(යොහාන් භාසුර )

ලංකා සතොස උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම මිල අඩුකිරීම් අද (15) සිට මේ මස 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස උසස් නිලධාරියෙක් පැවසීය.
සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940 ක් ද,
ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55කින් සහ ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් ද  අඩුකර  ඇති බවද එම නිලධාරියා කීය.
දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් ද, අනයනික සහ දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 15කින් ද, රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝවක මිල පිළිවෙලින් රුපියල් 15කින් සහ රුපියල් 5කින් ද, අඩු කළ බව එම නිලධාරියා සඳහන් කළේය.
කඩල කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.