( ඩී.ජී. සුගතපාල )

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි දැනට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් එය අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැතැයි රෝගිහු කියති.

 මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්.රංග මහතාගෙන් විමසුවිට පැවසුවේ දැනට මාස හයක පමණ කාලයක සිට හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි ඇති අතර එය අලුත් වැඩියා කරන ලෙස අවස්ථා කිහිපයකදිම අමාත්‍යංශ්‍යයට දන්වා ඇති නමුත් තවමත් අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැති බවය.

මෙම යන්ත්‍රය අලුත් වැඩියා කිරිමේ පුහුණු ශිල්පින් රෝහලේ නොමැති අතර කොළඹින්ම පැමිණිය යුතු බවත් පැවසු ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර ඒකකයට  ගෙන එනු ලබන රෝගින්ගේ එක්ස්රේ ගැනිමේ කටයුතු  රෝහලේ වෙනත් අංශවල එක්ස් රේ යන්ත්‍ර මගින් ගැනිමට පියවර ගෙන ඇති බවය.