(සුමතිපාල දීයගහගේ )
ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .
පවුලේ සාමාජිකයන් රාත්‍රි නින්දට ගිය පසු ජනේලයකින් ඇතුලුවු සෙරෙකු නිවසේ අල්මාරියක තිබු රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා මුදු,මාල, වළලු ඇතුලු තවත් රන් අබරණ රැසක් සොරකම් කර ගෙන ගොස් ඇති බවට නීතිඥවරයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද රන් අබරණ ගාල්ල කලුවැල්ලේ රන් අබරණ වෙළඳ සැලකට විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය මරු නේද?
වරදකට දඬුවම් දීමේන් බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා 1. වැරැදි කරන කෙනා මින්පසු එය නොකළ යුතුයි 2. ඔහුට දෙන දඬුවම බලා අනිත් අය ඔය වැරැද්ද නොකළ යුතුයි 3. වින්දිතයා සෑහීමට පත්වීම තිස්දෙවතාවක් හිරේ ගිහිල්ලත් හැදිලා නැත්නම් කාගේද වැරැද්ද?
පොලිසියෙන් අල්ලනවා උසාවියෙන් එළියට දානවා. අනේ මන්දා. අපරාධ කාරයින් වැඩි හරියක් නිදැල්ලේ...!
ඉස්සෙල්ලා හම ගලෝපන් ඔය හොර බඩු බාරගන්න අය. විකුණන්න කෙනෙක් තැනක් නැති වුණාම ඒ අයට මොකද වෙන්නේ...?
ඇත්තටම උසාවියට පෙර වැරදි ගැන කියන්නෙ නැත්තේ ඇයි කියලා ගැටලුවක් ඇතිවෙනවා ඔහොම වැරදි කරන්න හැකියාව ලැබෙන්නේ පොලිසිය පෙර වැරදි නොපෙන්වා අධිකරණයට ඉදිරිපත් කරන නිසා කියලා හිතෙනවා