රට හදන්න රජය-පෞද්ගලික අංශය එක්විය යුතුයි ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්රමුඛ ලෝක සංවිධාන වල සහභාගීත්වයෙන් අද (31)පැවති වටමේස සාකච්ඡාවේදී පැවසීය. 31 October 2023
දුම්රිය ගමන් වාර 21ක් අදත් අවලංගුයි දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් අද (31) දිනය මේ දක්වා දුම්රිය ගමන් වාර 21 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 31 October 2023
දුම්රිය රියදුරුට පහර දුන්නැයි දෙදෙනෙකු මරදානේදී අත්අඩංගුවට කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් අද (31) පස්වරු 4.40 ට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ලගා වීමේදී සෙමින් වේදිකවට ධාවනය කර වූ යැයි ප්‍රකාශ කරමින් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම දුම්රියේ රියදුරුට බැණ තර්ජනය කර පහර දුන්නේ යැයි චෝදනාවට එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 31 October 2023
උද්ධමනය ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ සුළු වැඩි වීමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 31 October 2023
මෙරට ව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 56ක් විදේශ රටවල තැම්පත් කරලා මෙරට ව්‍යාපාරිකයන් පසුගිය වසර 12 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා අද (31) අධිකරණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 31 October 2023
රාමක්‍රිෂ්ණ වත්තේ පවුල් 22ක් ඉවත කරයි දිගින් දිගටම සවස් කාලයේ පවතින අධික වැසි සමග නාය යාමේ අවදානමක් ඇති රාමක්‍රිෂ්ණ වත්තේ පවුල් 22ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කළ බව කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය කේ.ඒ.ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය. 31 October 2023
මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගෙන් සී.අයි.ඩිය පැය පහක් ප්‍රශ්න කරයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රුපියල් කෝටි ගණනින් ඖෂධ අවභාවිතය සිදුකර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 31 October 2023
මාධ්‍ය ජ්‍යෙෂ්ඨයෝ දස දෙනෙක් හෙට ඇගැයුම් ලබති මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දස දෙනෙක් ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේ දී ඩී.එෆ් කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර සම්මාන ලබති. 31 October 2023
පොහොට්ටුවේ ලේකම් ජනපතිට දෙහි කපයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධයේ සහාය නොදුන් නායකයකු වගේම මහ බැංකුවේ මහ කොල්ලයක් සිද්ධ වූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 31 October 2023
බිරිඳ කියා වෙනත් කතක් ඉතාලියට ගෙනියනන හැදු සැමියා මාට්ටු තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 October 2023
කොළඹ ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් කොළඹ කොටුව තරු පහේ හෝටලයක් අසල ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය 31 October 2023
හාල් මලුවලින් ගසා කෑ ලොක්කො දෙන්නෙක් ගෙදර වී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 31 October 2023
නිවාස බැංකුවට කෝටි 7 ක පාඩුවක් විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතිකයක් දීම හේතුවෙන් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට( H.D.F.C) රුපියල් කෝටි 7කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 31 October 2023
බොරතෙල් සපයන දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට බොර තෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s vitol asia pre.Ltd. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 31 October 2023
විදුලි ගාස්තු මාස තුනකට වරක් සංශෝධනයට කැබිනට් අනුමැතිය විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස තුනක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 31 October 2023
ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය. 31 October 2023
ආනයන අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවට 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 31 October 2023
වැට් බදු වැඩි කරන්න කැබිනට් අනුමැතිය ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 October 2023
සමථකරණ ජාත්‍යන්තර සංවිධානයට කැබිනට් අනුමැතිය රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇතිවන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 October 2023
චීන - ලංකා විවෘත විශ්වවිද්‍යාල මිත්‍ර ගිවිසුමක් උසස් අධ්‍යාපන සහයෝගීතාවය සඳහා චීනයේ ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 October 2023
ශාෆ්ටර්ගේ මරණය ගැන වාර්ථාව හෙට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන හේතුව හෙට (01) ප්‍රකාශ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) තීරණය කළාය. 31 October 2023
අලුත් සේවා නියුක්ති පනතක් නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 31 October 2023
කෝටි 12,000ක බදු පොදියකට වෙච්ච දෙයක් බදු අභියාචනා කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචනා 733 ක් හේතුවෙන් රඳවා ඇති රුපියල් කෝටි 12,000 ක් අයකර ගැනීමට නොහැකිව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත. 31 October 2023
ජාත්‍යන්තර සංවිධාන- ජනපති වටමේස සාකච්ඡාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්රමුඛ ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිත වට මේස සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්විණි. 31 October 2023
කලාප 24ක ඩෙංගු අවදානමක් දිවයිනේ කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 31 October 2023
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය. 31 October 2023
ඖෂධ නියාමනයට නව සභාපතිවරයෙක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 31 October 2023
බාල බේත් ගෙන් වූ තිදෙනකුට රට යන්න තහනම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විදේශ ගමන් තහනමක් පැන වූවාය. 31 October 2023
ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියකට නිදහස ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ. 31 October 2023
කුකුළු මස් අස්සේ අයිස් ගෙනල්ලා කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් මත්ද්‍රව්‍ය සගවාගෙන කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 31 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026