
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජයසේකර මහතා තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව ජයසේකර මහතා ද ඉදිරි කාලයේදී සිය දේශපාලන ගමන් මග සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයසේකර මහතා පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ අතර,ඒ හේතුවෙන් ඔහුට මහලේකම්ධුරයද අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලාසිරියා සත පහකට විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ කාලේ මහින්දගේ හම්බන්තොට වරායේ ගල ගැන කියලා අන්තිමට ගිහින් සාටකේ එල්ලුනා. ඊට පස්සේ මෛත්‍රීට සෙට් වුණා.
බෙරගහලා නටාගන්න එකයි ඇත්තේ... අඩු කුලේ අයට දැන් මේ රට බෑ...
දේශපාලන අනාථයින් තමයි. කාලයක් චන්ද්‍රිකා ගාව... ඊට පස්සේ රනිල් ළඟ. ඊට පස්සේ මහින්ද ළඟ. ඊට පස්සෙ සිරිසේන ළඟ... ආපහු ගෝඨාභය ළඟට ආවා. දැන් රනිල් මෙයාට ඇමැතිකමක් දෙන්නේ නැති නිසා සජියා ගාවට පනිනවා.
ඔව් දයාසිරි අත විතරක් බලලා මදි කේන්දරේත් බලන්න.