(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක හෑන්ඩ් ෆී දෙකක් කනේ ගහගෙන නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගොස් ඇතැයි හලාවත පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ පදිංචි විජයසූරිය ගුණවර්ධන මහවඩුගේ හසිත් සඳරුවන් පෙරේරා නැමති 21 හැවිරිදි තරුණයෙකි.
පියා එලවලු ගොවිතැන් කටයුතුවල යෙදෙන අතර මරණකරු ඔහුගේ එකම සොහොයුරා එකතුව හයිබි්‍රඩ් රථවාහන අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක යෙදී ඇත.
සිද්ධිය වූ දින අලුම මවත් පියාත් උදෙන්ම එලවලු කොටුවට ගොස් ඇති අතර මල්ලි උදේ 7. 30 පසුවන විටත් නැගිට නැති හෙයින් කතා කළත් ප්‍රතිවාර නොදැක්වීම හේතුවෙන් ඇතුලතින් දමා තිබූ අගුලු කඩා කාමරයට ඇතුලුවන වන විට සිය මල්ලි ටෙලි පෝනයට සම්බන්ධ හෑන්ඩ්ප්‍රී එකද කනේ ගසාගෙනම නිදා සිටි බව ඔහුගේ සහෝදරයා විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.
අනතුරුව මව්පියන් කොරටුවෙන් ගෙන්වා ගෙන අසල්වාසීන්ගේද උපකාර ඇතිව තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කරත් ඒවන විටත් තරුණයා මරණයට පත්ව සිටිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑන්ඩ් ෆී දෙකක් සහ මරණය අතර සම්බන්ධය මොකද්ද?
කිසිම ප්‍රශ්නයක් නැහැ... නිදාගන්න වෙලාවට ඇඳ මතවත් තියාගන්න එපා කියලා තමයි අහලා තියෙන්නේ... කෙනෙක් මරණයට පත්වෙලා තියෙද්දී එහෙම වුණේ මොකද කියලා සෙවීම හොඳයි.. මම අහන්නේ ⚡ අකුණු පවතින වෙලාවට විදුලි උපකරණ විසන්ධි කරන්න කියන්නේ ඇයි කියලා. ඕක තමයි පරණ ප්‍රශ්නෝත්තර කටපාඩම් කරලා විභාග ලිව්වාම ඇතිවෙන තත්වය කියලා තේරුම් ගන්න.