
(අංජුල මහික වීරරත්න)
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වලක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
එසේම දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට ලිඛිතව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදී ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකා හැරෙනකොට අපි දන්නවා මොකාටද එන්නේ කියලා... මෙතුවක් කල් මේ අනවසර ඉදිකිරීම් පිළිබඳව ඇහැ කන පියාගෙන සිට දැන් මේ හදන්නේ රටේ තවත් විශාල කොටසක් විකුණගෙන කන්න.
අනවසර ඉදිකිරීම් නම් නවත්වන්න කියන්න මෙයා ඕනෑද? අනවසර නම් ඉදිකරන්න දුන්නේ කවුද? සල්ලි කුට්ටි ගත්තේ කවුද කියලත් හොයන්න...!