IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි

(අංජුල මහික වීරරත්න)

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වලක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

එසේම දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට ලිඛිතව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදී ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 



අදහස් (2)

ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි

Nimal Sunday, 17 December 2023 10:35 AM

හරකා හැරෙනකොට අපි දන්නවා මොකාටද එන්නේ කියලා... මෙතුවක් කල් මේ අනවසර ඉදිකිරීම් පිළිබඳව ඇහැ කන පියාගෙන සිට දැන් මේ හදන්නේ රටේ තවත් විශාල කොටසක් විකුණගෙන කන්න.

:       5       7

Rata Perata Sunday, 17 December 2023 02:24 PM

අනවසර ඉදිකිරීම් නම් නවත්වන්න කියන්න මෙයා ඕනෑද? අනවසර නම් ඉදිකරන්න දුන්නේ කවුද? සල්ලි කුට්ටි ගත්තේ කවුද කියලත් හොයන්න...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site