
(හේමන්ත ද සිල්වා)
මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16) පෙරවරුවේ අම්බලන්ගොඩදී පැවසීය.
පොලීසිය සහයට විශේෂ කාර්ය්‍ය බලකාය හා යුද හමුදාව ද ඊට එක්වන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා පැවැසීය.
මත්කුඩු ජාවාරම හා පාතාලය ලබන වසරේ ජුනි මස 30 වන දින වන විට මේ රටින් තුරන් කර සම්පූර්ණ වෙනසක් ඇති කිරීමේ ස්ථිර අධිෂ්ටානයෙන් කටයුතු කරන බවටද මහජන ආරක්ෂක ඇමැති වරයා මෙහෙදී ප්‍රතීඥා දුන්නේය.
කුඩුකාරයන් බේරා ගැනීමට කොයි ලොක්කා කතා කරත් තමා ඊට ඉඩනොදෙන අතර කාටවත් බලපෑම් කිරීමට කාටවත් ඉඩ නොදෙන බවටද මෙහිදී අවධාරණය කලේය.
මත් ජාවාරම පාතාලය ගමෙන් තුරන් කිරීමට එකතු වන ලෙස ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේන් ඉල්ලා සිටි ඇමැති වරයා කිසිදු අවිශ්වාසයක් තබා නොගන්නා ලෙසත් මේ වැඩ පිළිවෙළේ සිටින කිසිවකුට කිසි දෙයක් වීමට තමා ඇමැති ධූරයේ සිටින තුරු ඉඩ නොතබන බවද ඇමැති අලස් මහතා මෙහිදී පැවසීය.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ හා මහා සඟරුවන අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ශ්‍රවනාගාරයේදී ප්‍රථම වැඩසටහන ආරම්භ කරමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අපි බලන් ඉන්නවා. ක්‍රියාවෙනුත් කරයි කියලා...
කිසිවක් නැතිවන්නේ නැත. ලොකුම තනතුර බාරදීපු කෙනා... අංක 01...
දින නියම කරලා කළින්ම කියන්නේ බඩු හංගන්න කල් දෙන්නද?
අපේ ලන්සා ඇමැතිතුමා හොඳටම බයවෙලා ඇත්තේ.. පව්..!
දැන් ඉතින් කුඩු කාරයෝ සේරම "අපි තමා කුඩු වෙළෙන්දෝ " කියල පිටේ බෝර්ඩ් එල්ලගෙන පොලිසිය එනකල් පාරට වෙලා ඉඳී. අනේ, හොරු අල්ලන්නන කලින් අපි එනවා උඹලා අල්ලන්න කියලා නිවේදන නිකුත් කරන්නේ කොයි රටේද?
ලොකු දෙයක්...!
ඇත්තටම ඇහැරලාද?
විකුණන පොඩි අය අල්ලනවාට වඩා කුඩු ගේන ලොකු කුඩ්ඩෝ ඉන්නේ... තමුන් ඉන්න පාර්ලිමේන්තු ගුබ්බෑයමේ නේද?
ආත්ම ගානකට කරන පිනක් බලාගෙන ඉන්නවා අපි එදා වෙනතුරු...!
හාල්මැස්සෝ පස්සේ පැන්නුවාට, තල්මසුන්ට මොනවත් වෙන්නේ නෑ. මේවා ඡන්දෙ ලබාගන්න කරන ජවනිකා...
ඔහොම දින, වෙලාව, කාලය කියලා ඔයවගේ මෙහෙයුම් කරන්න පුළුවන්ද? අනේ මං දන්නේ නැහැ. කොහොම වුණත් කමක් නැහැ මැටියෙන් වුණත් බලළා පාතාලයෝ අල්ලනවා නම්. අල්ලලා හිරගෙවල් පුරවන්න එපා සුසාන භූමි පුරවන්න පාතාලයින්ට, කුඩු කාරයින්ට මානව හිමිකම් අයිති නැහැ..
කුඩු ගහන අයට තමයි සේරම පාට් සද්ද දාන්නේ... පාර්ලිමේන්තුවේ ඇමැතිලාගේ අනුග්‍රහය ඇතිව කුඩු ගේන කිසි එකෙකුට කිසිම දෙයක් වෙන්නේ නෑ. මොවුන් තාමත් ජනතාව අන්දනවා. හැමතැනම හොරකම්, මැරකම් වෙන්නේ... කුඩ්ඩෝ හරහා පොලිස් අනුග්‍රහය අධීක්ෂණය මත. පොලිසියේ කාට හරි දෙයක් ඕනෑ වුණාම කුඩු, කසිප්පු, ගංඡා මුදලාලිලාට තමයි කියන්නේ... නැත්තන් ඒ පැත්තේ ඉන්න කුඩ්ඩෝ ලව්වා හොරකම් කරවනවා...
ඔබලාට පින් සිදුවේවා.. මේ රටේ අසරණ තරුණ ජීවිත අපරාදෙ නැතිවී යනවා.
ඒක එදාට වුණොත් කන කපනවා. කලකට ඉහත එස්ටීඑෆ් එකෙන් පාතාලය මඩින්න ප්‍රහාර වැඩ පිළිවෙල කරගෙන යනකොට රජතුමා හෙලිකොප්ටරෙන් ගිහින් ලන්සාව බේරගත්තා...!
ආ.. මූත් ටකේ හොල්ලන්න පටන් අරන් තියෙන්නේ... අර කුඩු ගහන උන් ටිකක් කුදලගෙන ඇවිත් පත්තරෙත් දාලා... ගේන උන්ව මලාට අල්ලයිද?? මේ දේශපාලන විකාර නාට්ටිය දැන් පරන පිටපතක් මචං.. අර මදූෂ් වෙඩි තියන්න කලින් කියපු නම් ගම් ටික පස්සෙන් ගිහින් අල්ලලා පෙන්නපන්කො මහ පොරක් නං...