(අජන්ත කුමාර අගලකඩ)
ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්,ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර,රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ,සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්,යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවය.
එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත.
නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා නාවල පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ කඩිනමින්ම එක්විය යුතු බව මහාචාර්ය ජීඑල් පීරිස් ,ඩිලාන් පෙරේරා ,මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිවු දෙනා ළඟදීම සජිත් පිල සමඟ එක්වීමට නියමිතව ඇත.
නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ ආකල්පයක්, ඔය සන්ධානගතවීම NPP වගේ බහුල වැඩපිළිවෙළක් තිබේනම් මම අගයමි... නමුත් ප්‍රබල UNP වන අපි දැනට NPP එකට සම්බන්ධයි. බලමු ඔයාලගේ වැඩපිළිවෙළ...!
ඔය සෙට් එකෙන් ජී.එල්. පීරිස් නම් එහෙට මෙහෙට තමුන්ගේ වාසියට, පැවැත්මට පැනලා හොඳට පුරුදු කෙනෙක්...
දශක ගණනාවක් අවස්ථාවාදීව බලය වෙනුවෙන්ම දූෂිත දේශපාලනයේ යෙදි සිටිනා ඔවුන් කළයුත්තේ කුමක්ද? පවා මේ වනවිට අමතකව ගොස්, රටතුළ ඔවුන් විසින් නිර්මාණයකල දේශපාලන පරිසරය/ ප්‍රහේලිකාව තුළම ඔවුන්ව මේ වනවිට පැටලී අතරමංව මංමුලා වී සිටියි...
ප්‍රතිපත්ති දේශපාලනය හා අවස්ථාවාදී දේශපාලනය අතර වෙනස. නොහොත් වවුල් ප්‍රතිපත්තිය...!
කිසිම ජනවරමක් නැති, යනඑන මං නැති නිසා සජිත් එක්ක එකතු වෙන්න හදන්නේ. නමුත් ඔය තුන් දෙනා අවසානේ සාටකේ තමයි.
මේ ඔක්කොම යාළුවෝ මල්ලි...!
ඩිලාන් පෙරේරා එහෙම මොන පක්ෂයේ ඉන්නවද කියලාවත් මට නම් මතක නැහැ දැන්...!
නොයෙකුත් චෝදනා සහ බෙදුම්වාදී අදහස් තිබෙන අය ගැන පරිස්සම් වියයුතුයි. ඔවුන් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි...!
ඔබතුමා ඔය අය එක්කෙනෙක්වත් ගන්න එපා... ගොඩහේවා ඉතාම අප්‍රසිද්ධ චෝදනා තිබෙන කෙනෙක් පැත්ත පළාතේ ගන්න එපා. ජී.එල් සීයා මොලේ තිබුණාට ජනතාව ගැන සානුකම්පිත කෙනෙක් නෙවෙයි...
අනුර කුමාර කිව්වා වගේ මේ ඔක්කොම එකට එක්වෙනවා. අවසානයේ ඡන්දෙට ඉන්නේ පිල් දෙකයි, සජබ සමග එක්වන අය සහ ජජබ වේගයයි...!
හුළං බහිනකොට පුම්බනවා. කොච්චර පිම්බුවත් දැන් දැකලා දැකලා එපාවෙලා තියෙන්නේ..? තව එක වාරයයි එන්න තියෙන්නේ. ඒකෙන් පාරෙ කට්ටියටම දෙවියන්ගේ පිහිටයි. ගෙවන අයටත් දේවියන්ගේම පිහිටයි.
සමස්ත විපක්ෂයම රටට ආදරේ ඇත්නම් පොදු ජනතා හිතවාදී වැඩපිළිවෙළක් හදන්න. තමන්ට බලය ගන්නම හිතන්න එපා. එහෙම කළොත් ජනතාවට ජීවත් වෙන්න මගක් නැති කරපු අලි-පොහොට්ටු නඩය පන්නන එක ඉතා පහසු වෙනවා.
ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති... පේනූ මම එහෙම කිව්වේ 2024 සැප්තැම්බර් ආසන්න කාලයේ ගුරු ගෝල සටනක් තියෙන නිසා. අතීතය අමතක දෙවරක්ම රට විනාශය කරා ගෙනගිය දැනටත් වර්ජන තර්ජන කරමින් රටේ ගමන ආපස්සට අදින මාලිමාව පොහොට්ටුවේ ජයට පාර තනන නිසාත් සියල්ලටම අකැමැති පිරිසක් වැඩියෙන් ගෙඩි තියෙන ගහේ එල්ලෙන නිසාත් කියලා කියන්න ඕනෑ...
දවසේ අවශ්‍යතාවයට පිළියමක්. ජී.එල්. නම් දැන් විශ්‍රාම ගතයුතුයි. මාහාචාර්ය චන්න ජයසුමන එක්වීම හොඳ දෙයක්. මහාචාර්ය චරිත හේරත් එනවා නම් තව හොඳයි.. මම කලින් සජිත්ට කැමැති නැහැ. නමුත් දැන් ඔහු හොඳ ප්‍රගතියක් ලබලා තියෙනවා...