(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ නගරයේ දී අද (17) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි රිය අනතුරට ලක්වූ එක් ලොරි රථයක රියදුරෙක් බව ද පොලීසිය කියයි.

තුවාල ලබා ඇත්තේ ද මරුමුවට පත්වූ රියදුරා පැදවූ ලොරි රථයේ ගමන් ගත් දෙදෙනකු බවද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.