(සුජිත් හේවාජුලිගේ)
ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේ රටේ දරුවන් ලක්ෂ දහතුනකින් දෙලක්ෂ හැට හත් දහස් දෙසිය හතළිස් නවයක් කෘෂ බවින්( කෙට්ටු) පෙළෙන බව අලුත්ම සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන්නේ යැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය.
අවුරුදු පහට අඩු ලක්ෂ දහඅටක දරුවන්ගෙන් දෙලක්ෂ තිස් හතර දහස් අසූ හතරක් අඩු බර සහිත බවද ඇය කීවාය.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 12.2 ක් බවද විජේරත්න මහත්මිය සඳහන් කළාය.
මිටි බවට පත්ව සිටින දරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් දහස් හාර සිය දාහතරක් බවත් වතුකරයේ තත්වය මීට වඩා දරුණු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
දරුවන්ගේ පෝෂණ තත්වය ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ද යම් පමණකට සම්බන්ධ වූ පෝෂණය සම්බන්ධ නිරීක්ෂණයකට අනුව මෙහිදී සිදු වන්නේ ප්‍රධාන වශයෙන්ම වෙනත් දෙයක්. එනම්, බොහෝ දරැවන් විසින් සැලකිය යුතු මුදලක් ආහාර වෙනුවෙන් යොදවනවා. නමුත් ඒ වැරදි ආහාරවලට. එනම්, "චූන් පාං" රථවලට. කොත්තු රොටී, කට්ලට්ස්, රෝල්ස්වලට. බොහෝ ළමුන් උදේට පිටිකිරි වීදුරැවක් බී පාසලට එන්නේ දිවා විවේකයට ක්ෂණික කෑම අරගෙන. නිසි පෝෂණයක් ළමුන්ට නොලැබීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණා තමයි ඒ. අලුත් දෙමාපියන් ස්මාට් ෆෝන් එකට සහ රෑපවාහිනියට ඇබ්බැහි වීම නිසා උදෙන් නැගිටල පෝෂ්‍යදායී ආහාර වේලක් තම දරැවන්ට පිළියෙළ කරදීම නොකිරීමයි මෙම තත්ත්වය ඇති වීමට ලොකුම හේතුව.
බොරුවට කෑ ගහනවා .සුඛෝපභෝගී ජීවිත ගත කරන ගමන්
ශිෂ්‍යත්වය නැති කරන්න කලබල වුණාට පෝෂණය පේනනේ නැහැ. දුල්ලත් දරුවන් නැත්තටම නැති කරන්න වගේ හදන්නේ...!
කොයිකාලේද හරි පෝෂණයක් තිබුනේ නෝනා...?