(සුජිත් හේවාජුලිගේ )

මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා  ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ සිටී.

මෙම තනතුරට පත්වීමට පෙර ඔහු ආරක්‍ෂක සේනා ආඥාපති ( බටහිර) ලෙස රාජකාරිය කළේය.

මේජර්  ජෙනරාල් පීරිස් මහතා  පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලේ  සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.  යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ 1988 වසරේදීය .