(සුජිත් හේවාජුලිගේ)
දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය දෙන බවද අමාත්‍යවරයා කීවේය.
ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත් ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දෙති.
මේ අතර අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී ඇති කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය ලේසි කිරීමෙන් කිසිම පලක් නැහැ සිදු කල යුත්තේ ජනප්‍රිය පාසල් වලට හොරෙන් රිංගවන්නේ නැතිව විභාගයෙන්ම දරුවන් තෝරා ගන්න එක එතකොට ලකුණු ගණන අඩු කරලා ලමයින්ට හා දෙමාපියන් ට සහනයක් දෙන්න නැත්නම් සෑම පාසලකටම සමාන පහසුකම් දෙන්න ඕන මුං හදන්නේම උංගේ එවුන් විතරක් ජනප්‍රිය පාසල් වලට දාගන්න
ඇමැතිතුමා 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා අක්ෂර හැකියාව හා සංඛ්‍යා (අංකන) හැකියාව බලනවා වගේම ඉන් පස්සේ තර්කන හැකියාව ඇති වෙනසේ අධ්‍යාපනය සැකසීම අවශ්‍ය වෙනවා... එහෙම කියන්නේ දැන් කාලයේ ටියුෂන් පංතියේ පැරැණි ප්‍රශ්නෝත්තර කටපාඩම් කරලා විභාග සමත්වෙලා ආවත් ප්‍රායෝගික අත්දැකීම් නැහැ. මම උදාහරණයක් කියන්නේ රජයේ සේවයේ බඳවා ගැනීම සීමිත හා විවෘත කියලා ක්‍රම දෙකකට කරනවා. එහෙම වුණාට මෑතකදී එක් ආයතනයක් සීමිත විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේදී මෙම පුරප්පාඩු වලින් 70% අභ්‍යන්තර ලෙසට ගන්නවා 30% බාහිරව ගන්නවා කියලා විවෘත විභාගය සඳහා පුරප්පාඩු වලින් 70% විවෘත හා 30% අභ්‍යන්තර ගන්නවා... කියලා දැන්වීමක් දානවා. එහෙම නම් විභාග දෙකක් අවශ්‍ය නැහැ. මේක කල්පනා ශක්තියක් නොමැතිව කළ දෙයක් එහෙම වුනේ අධ්‍යාපනයේ පවතින දුර්වලතා නිසා තමයි ඔබතුමාට පුළුවන් නම් ඇතුළත් කළ දත්ත අනුව කටයුතු කරන රොබෝවරු වගේ අය නැතුව හොඳ කල්පනා ශක්තියක් තියෙන බුද්ධිමත් පිරිසක් රටට ඇති කරන්න..
Private tuition යන්නේ නැති ළමයින් සොයා පරික්ෂණයක් කොට යම් ලකුණු ප්‍රමාණයක් දිය හැකිනම් ළමයින්ගේ පීඩනය අඩු කරන්න පුළුවන්...!
ඔව් එය එසේ වියයුතුයි. දරුවන්ට සාධාරණයක් විය යුතුයි. ශිෂ්‍යත්ව භීතිය දරුවන්ට නොදිය යුතුයි...!
ලබන අවුරුද්දේ ඡන්දෙත් එක්ක ඕවා සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඔබට කාලය තිබෙනවාද ඇමැති තුමෝ?
දරුවන්ගේ දක්ෂතාවය පැමිණීමෙන් මනින්න බැහැ. ඔය ආයිත් දක්ෂ දරුවන්ට තියෙන තැන නැති කරන්න යන්නේ... බටහිර අධ්‍යාපන ක්‍රමයට ඇබ්බැහි වුණු මනෝ විද්‍යාඥයෝ දන්නේ නැතුව ඇති සමහර විට ඔය ගොඩක් දරුවන්ට තියෙන උහුල ගන්නම බැරි දුක තමයි තමන්ගේ මව හෝ පියා නැතිවීම. ඒත් එහෙම වෙන්න ළමයි පවා ටික කාලයකින් තමන්ට ඒ දුක අමතක වෙලා ප්‍රකෘති තත්වයට පත්වෙනවා. අයියෝ දක්ෂ දරුවන්ගේ තැන නැතිකරලා දාන්න එපා. දැන් තියෙන ශිෂ්‍යත්ව විභාගය තමයි නියම මිම්ම... දැක්කාද විගණනයකින් ප්‍රසිද්ධ පාසල්වලට ළමයි දාපු හැටි අහුවෙලා. ඒ ප්‍රමාණය මදිවෙලාද ශිෂ්‍යත්ව කෝටා එකටත් කෙළ හලන්නේ...!
ඒක හොඳයි... O/L, A/L ලුත් ලේසිකරන්න හැමෝටම පාස්වෙන්න.