(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

අම්පාර රඹුක්කන් ජලාශයේ මහා ජල කඳට මහඔය බොරපොළ ගම්මානයේ වගා බිමක තිබූ බඩ ඉරිඟු කන්දක් ගසා ගෙන ගොස් ඇතැයි ගොවි මහතා පවසයි. එහි අඩුම තරමේ බඩ ඉරිඟු කරල් 10,000කට අධික ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි ඔහු කියයි. 

රඹුක්කන්ඔය ජලයේ මහා ජල කඳට මේ වනට පහළ ප්‍රදේශ් ගම්මාන සහ ගොවි බිම් විශාල ප්‍රමාණයක් යටවී ඇතැයි ගොවීහු පවසති

 සතුන්ගෙන් ආරක්ෂා කරගත් වගාවේ ඉතා සුළු ප්‍රමාණය මේ වන විට ජලයට යටවී විනාශ වන වගා බිම් දිහා බලාන ගොවීහු හූල්ලති. 

අම්පාර ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාව නිසා රඹුක්කන්ඔය ජලාශයෙන් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. මේ හේතුවෙන් මහඔහ අවට පහත් බිම් සහ ගොවි ජනපද ජලයෙන් යටවී ඇත. 

 

්‍