
(අංජුල මහික වීරරත්න)
ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තැබූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණයට එළඹ තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා කීය.
ඊළඟ විධායක සභාවේදී ජාතික සංවිධායක ධුරය සඳහා පත් කිරීම කරනු ඇතැයි ද බොහෝ විට අලුත් මුහුණක් ඊට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
පොදුජන පෙරමුණේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද පත්කර තිබේ.
පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර අලුතින් ස්ථාපිත කර තිබේ.
මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් නියෝජිතයන් පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් පස්සේ කොහේවත් ඉඩ නෑ... ඔයාට.
මොන කැරැල්ලුම් ගැහුවත් මේ සැරේ නං මිනිසුන්ගේ ඡන්දෙ ගනු බොරු. ඒ වගේම තමයි කපුටාගේ වැඩ කොලේ වහලයි ගහන්නේ... මේ සැරේ එක අංචියක්වත් හරි යන්නේ නෑ. දැන් කුල්ල කුජීතවෙලා ඉවරයි.
පොහොට්ටුවෙන් නැති වුණාට මොළහතාට කපුටා කියලා තනතුරක් තියෙන්නේ? ඒ මදෑ.
බැසිල් මහත්තයා තමයි පොහොට්ටුවේ පියා. අමතක කරන්න එපා එතුමාගේ දේශපාලන දැනුම... දුර දක්නා නුවණ ඔය කාටවත් නෑ.
කොච්චර නැටුවත් ආයේ නම් ඔබලාගේ හොර හැත්තට ඡන්දෙ නම් දෙන්නේ නෑ. ඔන්න කිව්වා.!
කමක් නැහැ... එයාටම දෙමු. ලංකාවේ මිනිස්සුන්ට ඕවා දැන් මතක නැහැ...