(ජේ.කේ.එල්. චාමින්ද)

මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග  ත්‍රි රෝද රථයකින්  ගමන් කරමින් සිටියදි සිදුවු අනතුරකින් ඒක්දරු පියෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

ත්‍රිරෝද රථය පෞද්ගලික බස්රථයක ගැටිමෙන් වු  මෙම අනතුරින් එක් අයකු මියගොස් අනික් තිදෙනා බරපතල තුවාල   ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලට ඇතුලත්කොට  ඇතැයි පොලීසිය කියයි.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දි කොග්ගල සිංහධිවර ගම්මානය අසලදි   මෙම අනතුරෙන්  මියගොස් ඇත්තේ   අහංගම, මිදිගම, ජනාවාස පදිංචි ජයසේකරවිතානගේ නිරෝෂ්  අසේල රංගකුමාර (29)  නැමති  එක්දරුපියෙකි.

 මොහු රැකියාව වශයෙන් කොණ්ඩාකැපිමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. ත්‍රි රෝදරථය පදවාගෙන පැමිණ ඇත්තේ විවාහ වු පුද්ගලයා වන අතර විවාහයේ සාක්ෂියට අත්සන් කළ මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයේ පිටුපස  අසුනේසිට ඇත.