(අංජුල මහික වීරරත්න)
ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.
මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.
ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.
ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව පිළිබඳ හොඳින් දන්නා සහ රටට ආදරය ඇති විශ්වාස කළ හැකි නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව යැයි විශ්වාස කරමු. මොකද දේශපාලනය කරන අය අද ඉන්නවා හෙට නෑ. නමුත් මෙවැනි දේ රටටම බලපානවා. රටට යහපත් වේ නම් ඉතා.සතුටුයි .
කවුද සල්ලි දෙන්නේ?
හරි හරි, ඔය එන්නෙ. තව මොනවද අඩු. ශ්‍රී ලංකා නම වෙනස් කරමු. ඉන්දු පිම්පිලංකා, ටොප් නමක්. ශ්‍රී ලංකා කියල දාපු දා ඉදලම මොකක්ද උන සෙතේ. විනාසම උනා මිසක්.
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්න තමයි අපට වෙන්නේ..!
විකුණලාද දන්නෙත් නෑ දැනටමත්...!
ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා, ඕනෑම රටක හමුදාවන් ශ්‍රී ලංකාවේ හමුදාවන් සමග එක්ව අභ්‍යාසයන් කළහැකි ඉන්දියා සාගර කලාපය "සාම කලාපයක්" බවට පත් කළයුතු වේ...
මේ හරක් ඉල්ලන් කන්නයි හදන්නේ, නොදෝමකින් විතරක් මේ ගස් බල්ලෝ අපේ රට නැත්තට නැතිකරන තැනකට ගෙනෙන්නයි මේ හදන්නේ...!