
කුවේට් නායක එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අභාවප්‍රාප්ත විය. ඔහු 86 හැවිරිදි වියෙහි පසුවිය.
අභාවය නිමිත්තෙන් දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. තෙදිනක් රජයේ නිවාඩු දින ලෙස ද නම් කර ඇත.
එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් පසුගිය නොවැම්බරයේ සිට රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර්, කුවේට් නායකයා ලෙස දිවුරුම් දුන්නේ 2020 දීය. ඒ, කුවේට් නායකයා ලෙස එම තනතුර හෙබවූ ඔහුගේ අඩ සොයුරු ෂෙයික් සබා අල් අහ්මද් අල් ජබාර්ගේ අභාවයෙන් පසුවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd