(ගයාන් සූරිය ආරච්චි)

සීලා වතුර , කල්ලාරු සහ අච්චානකුලම් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මත්පෙති 2820 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15)අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු විසි දෙකක් හා විසි තුනක් වන සිලා වතුර හා නානාට්ටාන් ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි.

කල්ලාරු මාර්ග බාධකයේදී ඊයේ (15) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එක් සැකකරුවෙකු මත්පෙති සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ලැබුණු තොරතුරු අනුව අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ මන්නාරම අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සීලා වතුර පොලිසියට බාර දුන් බව නාවික හමුදාව පවසයි.