ඉරාන ක්‍රියාකාරිනිය බන්ධනාගාරයේ සිට ලිපියක් යවලා මෙම 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 01 November 2023
පොලීස් අණ නොතැකූ උද්ඝෝණයේ 6 ක් අත්අංඩගුවට අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1) දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 01 November 2023
වර්ජන නිසා සංචාරකයන් නාවොත් පඩි වැඩි කිරීම ප්‍රශ්නයක් වෙයි වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 November 2023
ලතින් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක් ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි. 01 November 2023
සුව සේවකයෝ වැඩ වර්ජනයක ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 01 November 2023
ඉන්දිය මුදල් ඇමැතිනි මෙරට නිල සංචාරයක ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (01)උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 01 November 2023
’’අපේ තැඹිලි’’ මාස 10ට මිලියන 140ක් රටට දෙයි ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 01 November 2023
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්: 50 ක් මරුට ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය. 01 November 2023
නියෝග නොතකා විදුලිබිලට එරෙහි දිවුලපිටියේ පාගමන ඇරඹෙයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව අනීතික විදුලි බිලට එරෙහි පා ගමන පැවැත්වෙන අතර මේ වන විට දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ. 01 November 2023
ජන හා නිවාස සංගණනය ඇරැඹෙයි වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. 01 November 2023
කටුනායක-කොළඹ බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද( 01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය. 01 November 2023
ගනේමුල්ල සංජිවගේ වෙඩික්කරුවෙක් කොටුවෙයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේප්රධානියකු සහ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙනසංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ගේ ප්‍රධාන වෙඩිකරු වෙඩිකරු බව කියන පුද්ගලයෙක් සාජා සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) අලුයම් කාලයේ පැමිණි අවස්ථාවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 November 2023
‘‘වැටුප් දෙන්න බැරිව තිබූ රටක් අද හොඳ පැත්තට යනවා‘‘ වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 01 November 2023
දිසා 11 ස්ථාන 62කට නාය අනතුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 31 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ. 01 November 2023
අදත් සවස තදින්ම වැසි දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 November 2023
ගිනි අවියක් ,කඩුවක් සමග හමුදා සැරයන් මාට්ටු බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක් සමග යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අගලිය පොලිස් මුරපොලේ නිලධාරීහු පවසති. 01 November 2023
ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. 01 November 2023
මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින් මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි. 01 November 2023
අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක් ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. 01 November 2023
ඉන්ධන නගී: 92 බහී පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී තීරණය කළේය. 31 October 2023
කොළඹ පා ගමනට පොලිසිය ඉල්ලූ ආඥාව ප්‍රතික්ෂේප කරයි වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (31) ප්රතික්ෂෙප කළේය. 31 October 2023
ඇල්ල නගරයේ වෙඩි තැබීමක් ඇල්ල නගරයේ දී අද (31) රාත්‍රී වෙඩි තැබීමක් සිදුවී එක් අයෙකු තුවාල ලබා ඇතැයි ඇල්ල පොලීසිය කියයි. 31 October 2023
දිවුලපතාන පිටස්තරයන්ට තහනම් කලාපයක් රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. 31 October 2023
පාකිස්තානයේ තුන්වැනි ජයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට වැටෙයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 31 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (31) පැවති තරඟයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 7කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. 31 October 2023
එකම දුම්රිය පස්වැනි වරටත් පීලි පනී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය. 31 October 2023
වැට් දමා ජනතාවට මහා බරක් පටවලා වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් මේ හරහා රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 31 October 2023
ජා ඇළ - මීගමුව බස් වර්ජනය දිගටම ජා-ඇල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි වෙලා සටහන්කරුවකුට වැලිසර ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවේ නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි පවසමින් ජා-ඇල බස් නැවතුම්පොළෙහි මාර්ග අංක 273 බස් රථ ධාවනය අත් හිටුවයි. 31 October 2023
රැළෙන් මඟ හැරී නිකේතනයට ආ සද්ධන්තයා කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩවීමට යන අතරතුර කලාවැව මහවැලි සංචාරක නිකේතනයට පැමින කලහකාරී ලෙස හැසිරුනු වල් අලියකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන්ම ගම්මානයේ ජනතාව ද භිතියට පත්වූහ. 31 October 2023
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ යටවර ප්‍රාණ ඇපකරුවන් අතර? හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අතුරදන් වී සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන සුජිත් බණ්ඩාර යටවර මහතා හාමාස් සටන්කාමීන් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටීමට ඉඩක් තිබෙන බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 31 October 2023
සුළං නිසා මීරිගම මාර්ග රැසක වැහෙයි මීරිගම ප්‍රදේශයට අද පස්වරු පහයි තිහට පමණ හමාගිය සැඩ සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මීරිගම පස්යාල මාර්ගය ඩී එස් හන්දියෙන් ද මීරිගම වේවැල්දෙණිය මාර්ගය අනුබද්ධ විද්‍යාලය අසලින් හා අමරතුංග මාවත ද සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනට අවහිර විය. 31 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026