(අංජුල මහික වීරරත්න)
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන වල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
උදා ගම්මාන 2,150 ක අඩක් ඉදිකළ නිවාස 39,815 ක වැඩ මෙලෙස අවසන් කිරීමට නියමිතය.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බව අමාත්‍යවරයා කීය.
සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසරක කාලයේ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබූ බව අමාත්‍යාංශය පවසයි.
නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙන් බව අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජිත් ඇරැඹූ වැඩ අවසන් කරන්න ප්‍රසන්නගෙන් නියෝග
සත්‍යපාල Sunday, 17 December 2023 03:59 PM
ඉතාමත් හොඳ වැඩක් කියන්න පුළුවන්... ඇත්තටම නිදහස ගත්තාට පස්සේ කිසිම කෙනෙක් හිටපු ඇමැතිවරයා කරපු වැඩ අත් හැරියා මිස ඉදිරියට ගෙනැවිත් නැහැ... ඒක තමයි රට අගාධයකට වැටෙන්න එක් හේතුවක් වුනේ කියලා කියන්න පුළුවන්...!
Dharmatileke Sunday, 17 December 2023 04:44 PM
මසුරන් වටින නියෝගයක්... නිදිමතේ හරි, වෙරිමතේ හරි නොකිව්වා නම්...
ගමේ එකාලා Sunday, 17 December 2023 05:06 PM
වැඩ අවසන් කරන්න ඉඩ දුන්නේ නෑනේ. මෛත්‍රී දින 52 ආණ්ඩුවක් ගෙනැල්ලා රටම ගිනි ඇවිලුවා...!
සල්ලි Monday, 18 December 2023 07:31 AM
ඉදකින් මේ ගූ හිගන්නාගේ මූණ උදේම පත්තරේ දාලනේ...