
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම තරයේ හෙලා දකින බව මහනුවර සජබ හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය.
ඩී.එස්.සේනානායක පුස්තකාලය හා ශ්‍රවණාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල 2004 වසරේ දී ගිනි ගැනීමෙන් පසු අලුතෙන් ඉදිකළ ශ්‍රවණාගාරය කරළිය ලෙස නම්කර නම් කොට තිබෙන බවත් ඩී.එස්.සේනානායක නම ඉන් හැලී ගියේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුව තිබෙන බවද ඊට විරෝධය පා නගර සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනකු එහි විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ පුස්තකාල ගිනි තියපු ඉතිහාසයක් තියෙන කෙනෙක්නේ...
නීචයි නින්දිතයි තුච්චයි...!
මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමක් නොව ඔහුව අපහසුතාවයට පත්කිරීමට කිසිවකු විසින් කරන ලද්දක් වන්නට පුළුවනි... මේ පිළිබඳව සොයාබලා වැරැදි නිවැරැදි කිරීම වැදගත්වේ...
මේ මිනිහා අපේ ජාතියේ පියාටත් නිග්‍රහ කරනවා
කලබල වෙන්න එපා,ඩී එස් ලාගේ වගේ ඕවා පවතින නම් නෙමෙයි .අන්තිම වතාවට නිසා නම පවත්වාගන්න තමුන්ගේ නම දාගන්නත් බැරි නැහැ .ඒ උනත් ඒවා බෝඩ් කෑල්ලට විතරයි .බෝඩ් කෑල්ල දිරලා ගියාම නමත් දිරලා යනවා .එතකොට ඒක කුණු ගොඩට විසික්කා කරලා සේනානායක මැති තුමාගේ නම දාගන්න පුළුවන්
ඩී.එස්.සේනානායක වෙනුවට ඩී ඒ රාජපක්ෂ නම දාන්න තමයි දැන් රනිල්ට ඕනෑ.