IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පදිකයා බසයට යට වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේදී පදිකයෙකු පෞද්ගලික බස් රථයකට දෙපාරක් යටවී   මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි

අනතුරින් මිය ගොස් ඇත්තේ  බත්තරමුල්ල උඩුමුල්ල පාර පදිංචිව සිටි  විශ්‍රාමික කාර්යාල කාර්ය සහායකයකු වූ ගඟබඩ ලියනගේ විජේවර්ධන (79) යන අයයි

මාර්ග අංක 17   මහනුවර සිට   පානදුර දක්වා  ධාවනය වන පෞද්ගලික බස් රථය  කොස්වත්ත  සිට බත්තරමුල්ල දෙසට පැමිණ මගින් බැස්සවීම සඳහා  බත්තරමුල්ල මාර්ග සංඥා ආසන්නයේ බස් නැවතුමක නවතා  ඉදිරියට ධාවනය වීමේදී  ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට  මාර්ගය මාරුවීම සඳහා යමින් සිටි  මියගිය  පුද්ගලයාගේ ශරීරයේ ගැටී ඇතැයි පොලිසිය කියයි

එහිදී එම පුද්ගලයා මාර්ගයේ වැටී බස් රථයේ දකුණු පස ඉදිරිපස රෝදයට යට වී ඇති අතර මගීන්ගේ කෑගැසීමත් සමගම රියදුරු බස් රථය ආපස්සට ගැනීමේදී නැවතත් එම රෝදයට යට වී ඇතැයි පොලිසිය කියයි

 

 



අදහස් (2)

පදිකයා බසයට යට වෙයි

සංජය විතාන​ Sunday, 17 December 2023 02:32 PM

අවාසනාවන්ත ලෙස හදිසියේම ජීවිතය අහිමි වූ වියපත් පුද්ගලයෙකුගේ තනතුර "විශ්‍රාමික කාර්‍යාල කාර්‍ය සහායකයකු" ලෙස ඉදිරිපත් කළේ මන්දැයි සිතේ... මේ නිසා ඔහුගේ වියෝව සාධාරණීකරණය කළ හැකිද​? නැතහොත් බසයේ රියදුරුට ඇති හිතවත්කම නිසා මෙය කියවන පාඨකයාට "ගනං ගන්න දෙයක් නෑ... නිකන්ම නාකි පියන් කෙනෙක් මලේ" වැනි අදහසක් යෝජනා කිරීමටද​?

:       3       14

Amal Sunday, 17 December 2023 10:05 PM

කතෘ, ඉතාමත් හොඳයි "විශ්‍රාමිකයකු" ලෙස සඳහන් කරන්න. අවාසනාවන්ත ලෙස හදිසියේම ජීවිතය අහිමි වූ විශ්‍රාමික, වියපත් පුද්ගලයෙක්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site