(කේ. බුද්ධික කුමාරසිරි)
සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ මත්ස්‍ය ගොවිපළක තිබූ අනාරක්ෂිත විශාල ලිදක තිබී සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ දිද්දෙණිය පාර පහත්ගම හංවැල්ල යන ලිපිනයේ පදිංචිකරුවකු වන අංගොඩගේ දොන් ඩොනල්ඩ් මැක්සිම් නමැති 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි
රැකියාව සදහා ගොස් සිටි මියගිය අයගේ බිරිඳ විසින් මියගිය ව්‍යාපාරිකයාට ලබා ගත් දුරකතන ඇමතුම් සදහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වැසියෙකු ලවා සොයා බැලීමේදී අදාල ලිද අසල ව්‍යාපාරිකයාට අයත් යතුරු පැදිය නවත්වා තිබෙනු දැක ඇති අතර විශාල ලෙස ජලය පිරී තිබූ අනාරක්ෂිත ලිදෙහි ජලය මත ව්‍යාපාරිකයාට අයත් පාවහන් දෙකක් පාවෙනු දැක ඇත
ඒ අනුව හංවැල්ල පොලිසියට සිදුකල පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ එම අනාරක්ෂිත ලිදෙහි ජලය ඉවත් කර බැලීමේදී මියගිය ව්‍යාපාරිකයා ගේ දේහය ලිද තුල තිබී හමු වූ බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාළු ව්‍යාපාරිකයාගේ සිරුර ළිඳකින් හමුවෙයි