මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය. 29 May 2023
කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. 29 May 2023
භාණ්ඩ 843ක ආනයන සීමාවක් ඉවතට ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ. 29 May 2023
රන් පවුමක් තවත් බසී ඩොලරයේ අගය තව දුරටත් පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්රයෙන් පහළ බසිමින් ඇති බවත් කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 148,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති. 29 May 2023
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තෙල් කාන්දුවක්? කොළඹ වරාය ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ මීට වසර දෙකකට පෙර ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් නිරීක්ෂණය වන බව ධීවරයෝ පවසති. 29 May 2023
ඩෙංගු වැළඳුණු දරුවෝ 18ක් සාපෙළට ලියති ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 18 දෙනකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව අධ්යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි. 29 May 2023
වයඹ හරක්ට පළාතෙන් පිට වීම තහනම් වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 29 May 2023
ආගමික සහජීවනයට බාධා කළැයි භික්ෂුවක් අත්අඩංගුවට ආගමික සහජීවනයට බාධා වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි කියන රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 29 May 2023
රටපුරා තැනින් තැන වැස්ස දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2023
ලක්ෂ 50ක කුඩු සමග කතක් සැකපිට රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 May 2023
උදය දේවි දුම්රිය පැය හතරක් එකම තැන මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත. 29 May 2023
බුදුපිළිමයට හානි කරලා ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි. 28 May 2023
මදි නොකියන්න අනිද්දා සිට තෙල් බෙදයි ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 May 2023
මැරුණු දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිහින් මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගිය පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි . 28 May 2023
ටෙලිකොම් කුටිවල තැටි ගලවයි රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 28 May 2023
‘‘අසල්වැසියා ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා‘‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වඩා වැඩි සහායක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත. 28 May 2023
බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන අගලවත්ත ,සරණ ගම හන්දියේ ස්ථාපිත කර ඇති බුදු මැදුරේ තැන්පත් කර තිබූ රන් මාලයක් සහිත කරඬුව කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 28 May 2023
නතාශා එදිරිසූරිය රිමාන්ඩ් ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 28 May 2023
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව යළිත් අවදානමක උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා වන මුදල් ලැබීම පිළිබඳව සැකයක් ඇති බවත් පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත්වුවහොත් දරුවන්ට වන අගතිය පිළිබඳව වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසූහ. 28 May 2023
පාරවල් හදන්න ඩොලර් කෝටි 5 ක ණයක් ගන්න යයි රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණයක් ඉල්ලා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 28 May 2023
ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක් ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 May 2023
කෝටි 27000 ක බදු පොල්ල ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 27,000ක බදු මුදලක් ( අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. 28 May 2023
එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගිය තිදෙනකු සමග එම භාණ්ඩ අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි. 28 May 2023
ඉන්ධන කෝටාව දෙගුණ කරයි එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 May 2023
ඉන්දියාවේ සැප නැවක මංගල ගමනට ලංකාව තෝරා ගෙන ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් එළඹෙන 5 වැනිදා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට සුදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 28 May 2023
පොසොන් එකට විශේෂ බස් - දුම්රිය අනුරපුරයට මෙවර පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 28 May 2023
සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 May 2023
ඉංගිරීසි නැතිව එංගලන්තයට යවන ජාවාරමක් ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සකසා ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය අනාවරණය කරගෙන ඇත. 28 May 2023
අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 28 May 2023
ලොක්කන්ට 75ක් දෙනවා නම් අපට 10ක් දියව් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයෝ රුපියල් දස දහසක ප්‍රසාද දීමනා ඉල්ලා සිට වැඩ වර් ජනයක නිරත වී සිටිති. 28 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026