(යොහාන් භාසුර)
නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියකින් පසුවන බවත් ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක නිරතතව සිටින බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා නාවල පිටිහි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
නිදහස් ජනතා සභාව තුළ මත ගැටුම් තිබුණ ද රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමීමට විපක්‍ෂයේ බලවේග සමඟ සන්ධානගතවීමට ඕනවට වඩා කල්මැරීම යහපත් නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඉදිරියේදී හදන ආණ්ඩුවේ ඇමති සිහින දකින දෙතුන් දෙනෙක් නිදහස් ජනතා සභාවේ ද සිටිය හැකි බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් තියා රනිල්ගෙ බල්ලවත් මුන්ට බයවෙන්නෙ නැහැ. චෝදනා තියෙන එවුන්ට විරැද්ධව් නීතිය ක්‍රියාත්මක කරනවා කිවුවම උන් නිකම්ම හීලෑවෙනව. අනිත් උන් ඇමති නියෝජය ඇමති කටුවලට හෑලෑ වෙනව කියල රනිල් දන්නව.
ඇත්ත කථාව
වාචාලය.
මට නම් පොඩිකාලයේ ආත්තම්මා කියලා දුන්නු කතාවක හිටපු සිංහයා හා ඌරා ගැන මතක් වුණා. මගේ අදහස නම් ජනාධිපති සිංහයා කියලා තමයි.
කයිවාරුව නැතිව ලබන මැතිවරණයෙදී තුම්සේගේ ආසනය බේරගන්නකෝ පුළුවන් නම්...!
ඔය ඔක්කොමලා ජනතා බලවේගයට බයයි .චන්ද තියන්නේ නැත්තේ ඒ නිසයි