
(අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යවරයා කළ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ එම සාකච්ඡාවට සහභාගී වූහ.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී පැවසූයේ ජනාධිපතිවරයා ටිකෙන් ටික රට ඉහළට ඔසවන අයුරින් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගැනීම තම අරමුණ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්න ෂම්මිල එක්ක මොන පෙරලිද හලෝ...මෙච්චර කල් කරපුවම ඉදිරියට යනව මිසක්..
ඇමැති මොකටද තේරීම් කමිටුවට අත පොවන්න යන්නේ? ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න දෙන්න. නැත්නම් ඇමැති කියන විදියට ඉස්සරහාට කණ්ඩායමත් තෝරයි...!
කෝ බලමු, අද කොකේන් මිල ගණන් කොහොමද කියලා මොබයීල් එකෙන්.
ටීම් එකේ අයට සල්ලි විතරයි ඕනෑ. ලංකාවේ ක්‍රිකට් වලට ආපහු පණ දෙන්න බැහැ.
අන්දරේ කළුගල ඉස්සුවා වගේ හිටී. දෙපැත්තේම හොඳට කාල තාත්තා කිව්වා ඕවට අත දාන්න එපා කිව්වා කියලා මාරු වේවි.
හොරුන්ව හුරතල් කරලා දැන් මොන කමිටුද