
දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් පවත්වන රියැලටි ගායන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත් වූවාය.
කිල්මිෂා යාසිසායි නමැති මෙම දැරිය ජයග්‍රහණය කළේ, ඉන්දියාවේ තමිල්නාඩුවේ ‘සී ටැමිල්’ පෞද්ගලික රූපවාහිනී නාළිකාව, කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීමට පවත්වන ‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියයි.
‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජනප්‍රිය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රිනිවාස්, සයින්දවි සහ අභිරාමි විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ.
‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියට කිල්මිෂා යාසිසායි ට අමතරව, තවත් ශ්‍රී ලාංකික දියණියක සහභාගී වූවාය. ඇය අශානිය.
මොවුන් දෙදෙනා අතරින් අවසන් තරගයට යෑමට හැකියාව ලැබුණේත් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේත් කිල්මිෂාටය.
(ඩේලි මිරර් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපෙන් සුබපැතුම්...!
සුබපැතුම්...!
සුභ පැතුම් කිල්මිෂා. විශිෂ්ට ජයග්‍රහණයක්
සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !