
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි.
පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන 10 ඉක්මවූ ආදායමක් ලබා ඇති අතර ඔහුට දැනට මිරිස් සඳහා ඇති වෙළෙද පොළ මිල ගණන් අනුව අඩුම තරමින් රුපියල් මිලියන 13කවත් ආදායමක් ඉපයීමට හැකියාව තිබෙන බවත් ලබන ජනවාරි මස 14 තෙක් ඔහුට තම මිරිස් වගාවේ අස්වනු නෙලීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නව තාක්ෂණය භාවිතා කරමින් බන්දුල මහතා පුලියන්කුළම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි.
දැන් මේ ගොවි මහත්තයාගෙන් බදු අය කරගන්න හැටි කියන්න.
ඇත්තටම මමත් ඕවා කරන්න හරි කැමැතියි... ඒත් අපි සිටින ප්‍රදේශවල භූමිය එහෙම වැඩ කරන්න කොහොමවත් හොඳ නැහැ.. අපිට වවන්න ඉඩම් තියෙනවා නම් ඕවා කරන්න පුළුවන්... කොහොම වුණත් එම ගොවිරජාට තවතවත් රටේ සමෘද්ධිය ඇතිකිරීමට ශක්තිය ලැබේවා...!
හොඳ වැඩකාරයෙක්, ලස්සනයි වගාව කරල තියන ලස්සන, අනිත් අයටත් හොඳ පාඩමක් අනුන්ගෙ දේවල් විවෙචන නොකර මෙ වගෙ මහන්සි උනොත් දියුණු වෙන්න පුලුවන්.
මෙව සුරන්ගනා කත. මෙක අහම්බෙන් උන දෙයක්. රු 2000 ට මිරිස් ගනන් ගියාම විතරයි මෙහෙම වෙන්නෙ.
ගෙදර කන්න ගස් පහක් හැදුවා ඒකටත් පිටි මකුණා ගැහුවා.... මේ බලාපල්ලාකෝ.....
ආදායම අනුව නොව පලදාව අනුව වාර්තා කලොත් වඩා හොද අවබෝධයක් ලැබේ යයි සිතමි ඒ අනුව නිවැරදි සංසන්දනයක් කල හැක.