
(සමන් පාලිත නානායක්කාර )
පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (19) අලුයම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල වලදී පස්කදු කඩා වැටී නිවාස දෙක කට හානි වී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද නිවසේ සිටි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කර ඇති බවද හතර දෙනෙකු ගේ ජීවිත බේරී ඇතැයි ද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.
විශාල අඹගසක් සමඟ පස් කන්ද ක් නිවසට කඩා වැටී තිබේ.
මේ අතර බණ්ඩාරවෙල පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසට හානි වී ඇති අතර එහි සිටි කුඩා දරුවෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි ද බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාස දෙකක් පස් කන්දකින් යට වෙයි:අයෙක් රෝහලේ